මේකත් ඔබලම යන්න...

Tuesday, February 7, 2012

එක බංකුවේ ඉඳගෙන හිටපු එවුන්...



කලින් ලියලා තිබුන පෝස්ට් එක රීසයිකල් බින් එකට දාලා තමයි මේ පෝස්ට් එක ලියන්නේ. මේක මම ටික කාලෙක ඉඳන් ලියන්න හිටපු එකක්, ටිකෙන් ටික වැඩේ පස්සට ගියා, ඒත් අද උදේ ජෝ කතා කරලමචං, මම යනව” කියපු වෙලාවෙ ඉඳලා මට හිතුනා අද තමයි මේ පෝස්ට් එක ලියන්න හොඳම දවස කියලා, ඒකයි online exam කට උඩ තියාගෙනත් මේ පෝස්ට් එක ලියන්නේ.

ඉස්කෝලෙ එක බංකුවෙ ඉඳගෙන හිටපු කට්ටිය තමයි මම, සමීර, අනුජ,ස්ටීවන්.දුශ් අපිත් එක්ක හිටියේ orientation එකේදී විතරයි, උනත් අපේ හැම සීන් එකටම මූත් සෙට් උනා.තව එකෙක් හිටියා ඒත් ගැන කතා කරන්න මම කැමති නෑ.

ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ අපි සෙට් එක වැඩිපුර සෙට් වෙන්න බැරි උනා, උනාට අපි නිතරම කෝල් කලා...

කොහොමින් කොහොම හරි අපි සෙට් එකේ කට්ටියට රට යන්න සෙට් උනා,ඔන්න ඉතින් ඉස්සෙල්ලම අනූජ (ජෝජෝ) තමයි ටිකට් එක සෙට් උනේ. ජෝ පවුල පිටින්ම ඔසී ගියා.

ස්ටීව් එංගලන්තේ ගියා....

සෑම් මේ ලඟදී ඇමරිකා ගියා...

අපි සෙට් එකෙන් ලංකාවෙ ඉතුරු උනේ මමයි,දුශ් විතරයි.අපි දෙන්නටත් නිතරම සෙට් වෙන්න බැරි උනේ දුශ්  දවස්වල ගැනු ළමයෙක් එක්ක හිටපු නිසා... දැන් ඒවා මුකුත් නැති නිසා සෙට් වෙන්න කිසිම අවුලක් නෑ... නේද මචං???

කට්ටිය රට ගියාට පස්සේ ගොඩක් වෙලාවට අපි ස්කයිප් එකේ සෙට් උනා...ෆුල් ෆන් බංකුවේ එක පෝලිමට ඉඳගෙන ඉන්නව වගේ...

ජෝ ලංකාවට ආවේ ගිය දෙසැම්බර් 26 අද තමයි පොර ආයිත් යන්නේ, මූ ලංකාවෙ ඉන්න කොට මේ මුලු අවුරුද්දටම හරියන්න පිස්සු කෙලියා... ගිය ඉරිදා ෆයිනල් පාටි එකත් මැක්සා විදියට ගියා...

මචං ජෝ උබ මට සහෝදරයෙක් වගේ බං. නෑ සහෝදරයෙක් තමයි බං...ඒක හින්දා වෙන්න ඇති අද උදේ උබ මට කතා කරලා මචං, මම යනව” කියලා, කියපු වෙලාවෙ මට කතා කරගන්න බැරි උනේ...මට උබේ වොයිස් එකෙන් තේරුනා උබටත් අවුල් කියලා...

බොක්කෙන්ම කියන්නෙ මචං මගෙ ඇස් වලට කඳුලු ආව බං... මචං , මම ට්‍රයි කරපු ගෑණු ළමයා මට කැමති නෑ කිවුව දවසෙදීවත් මට මෙච්චර දුකක් හිතුනෙ නෑ බං.

මේ පොස්ට් එක පොස්ට් වෙනකොට උබ ෆ්ලයි කරන ගමන්... Have a safe flight brother…

ආරංචි හැටියට නම් මේ දෙසැම්බර් වලට ජෝ, ස්ටීව් , සෑම් මෙහේ එනවලු... ආයිත් ලොවෙත් නැති විදියට 2013 සමරමු මචංලා...