මේකත් ඔබලම යන්න...

Friday, May 25, 2012

මටත් එකෙක් අරන් එන්න...




අද කියන්න යන්නේ මට උන සීන් එකක් නම් නෙමේ... මමත් එතන ඉන්නකොට උන සීන් එකක්. හැබැයි මේ සීන් එක උනේ කෙල්ලෙක්ට, නම දාන එක හරි නැති නිසා මෙයාට මම "ලී" කියල කියන්නම්.

මේ සීන් එක උනේ, මට මතක විදියට අපි සෙට් එක 1st year ඉන්න කාලේ. දවස් වල අපි කට්ටියටම ලොකූ Cricket  පිස්සුවක් තිබුනා. සෑහෙන්න Plan කරලා Lecturs නැති දවසක Cricket Match එකක් ගහන්න Decide කරගත්තා. අපි සෙට් එක පස් මහ බැලුම් බලලා Parliament Grounds යනකොට එදා පාර වහලා... එදා පාර්ලිමේන්තුව රැස් වෙන දවසක්ලූ...

මොනා කොරන්නද? අපි සෙට් එකම ආයිත් හැරිලා එනකොට අපේ රෙඩ් කියුවා

“මචං මේ ලඟ තව Ground එකක් තියෙනවා, ආපු එකේ ඒකට ගිහින් බලමුද???” කියලා..

ආයි ඉක්මනට ගෙදර යන්නත් බැරි නිසා අපි සෙට් එකම හා කියලා යන්න පටන් ගත්තා, පොර කියුවේ "මේ ලඟ තියෙන්නේ" කියලා. බලනකොට 3KM විතර ඇවිදින්නත් තිබුනා.

මුල ටික ඇවිදගෙන, අන්තිම ටික බඩ ගා ගෙන ඔන්න අපි පොට් එකට ආවා.

අපිට Ground එකක් පේන්නේ නෑ, බස් තොගයක් නවත්තල තියනව නම් පේනවා,

අපි - කෝ බං Ground එක???

රෙඩ් - ඉස්සරහ තියෙන්නේ Bus Park එක, Ground එක තියෙන්නේ පිටිපස්සේ, වරෙල්ලා යන්න.

ඔහොම කියලා මූ අපිව බස් මැද්දෙන් එක්කගෙන ගියා, ඒක Ground එකකට වඩා කාන්තාරෙකට සමානයි, එක තණකොල ගහක්  පේන්න වත් නෑ. හදිස්සියෙවත් වැටුනොත් අතේ පයේ ලෙලිත් නෑ..

පට්ට අවුවකුත් තියෙනවා, ඈත කොනේ පොඩී කැලෑවක් වගේ තියෙනව දැකලා කට්ටියම එතෙන්ට ගියා.

එතනනම් පට්ට ප්ලේස් එක. ඔහොම ඉන්නකොට මටයි තව එකෙකුටයි පට්ටම චූ බරක් හැදිලා තිබුනේ.

අපි දෙන්න කතා උනා කැලේට ගිහින් බර සැහැල්ලු කරගන්නගෑනු ළමයි ඉන්න නිසා එක පාරටම "අඩෝ... අපි චූ කරන්න යනවා" කියන්න බැරි නිසා අපි මෙහෙම කියුවා...

අපි - අඩෝ... අපි හාවෙක් අල්ලන්න යනවා...

ලී - මටත් එකෙක් අරන් එන්න...

ඉතින්, අපේ රහස් වචනේ තේරුම කියල දුන්නට පස්සේ එයා බයිට් උන තරම කියන්න ඕනෙ නෑ නේ...ලොල්

Thursday, May 17, 2012

තවත් එක කවියක්...





ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා.මුකුත් ලියන්න බැරි උනේ හරි හමන් කතාවක් මතක් උනේ නැති නිසා, වැඩ ඇරිලා බස් එකේ ඊයෙ ගෙදර එනකොට තමයි මේ කතාව මතක් උනේ.

මේ සීන් එක උනේ මේ මට, මම 6 පන්තියෙ ඉන්නකොට.

මම ඉගෙන ගන්න සෑහෙන්න දක්ශ නිසාත්, මගේ ඉගෙනීමේ හැකියාවන් තවත් වර්ධනය කරගනු පිනිසත්, අම්මයි තාත්තයි මාව බොරලැස්ගමුවේ තියෙන අමතර පන්තියකට දැම්මා. ඉතිං එදායින් පස්සේ මේ පොඩි මාටියගෙ නිදහස යම්තාක් දුරකට සීමා උනා කියුවොත් හරි.මට මතක  විදියට මම ගියේ Maths ක්ලාස් එකකට. (මම කාලෙත් දැන් වගේම ගනන් වලට සෑහෙන්න දක්ශයිනේ.. ලොල්) අනේ ඉතිං මේ පංතිය ඉස්කෝලෙ පංතිය වගේ නෙමේනේ... මම මොකෙක්වත් අඳුරන්නේ නෑ.මටත් ඉතින් සෑහෙන්න පාලුයි. කාලෙ ඉතිං දැන් කාලෙ වගේ දකින දකින කෙල්ලො දිහා හැරි හැරී බලන්න තරම් කුපාඩි හිතක් තිබුනෙ නෑ නේ...ලොල්. 

පංතිය තිබුනේ වෙළක් ළඟ, මම හැමදාම කොහොම හරි අල්ලගන්නේ වෙළ පැත්තේ තියෙන බංකුවක පොට් එකක්, ඒ වෙළේ හුළං පාරට පුදුම සනීපෙට නින්ද යනවා.ඔහොම ටික දවසක් ඉන්න කොට මට අලුත්  වැඩක් සෙට් උනා, මොකද්ද දන්නවද?  රත්මලාන Air port එකට Land කරන Planes ගනන් කරන එක. ඒ ඔක්කොම Planes බොරලැස්ගමුව හරියෙන් පාත් කරගෙන යන්නේ, ඉතිං උඩ පැන්නාම Plane එක අල්ලන්න පුලුවන්  (පොඩි කාලෙ හිතුවෙ එහෙමයි )

දැන් ඉතින් පොඩි එකා සෑහෙන්න ආසාවෙන් පංති යනවා. ඇයි? හැමදාම Planes ගනන් කරන්න පුළුවන්නේ...ලොල්, හමදාම හවසට අම්මා මාව එක්ක යන්න ආපුවාම අහන්නේ,

අම්මා - පුතා අද ගනන් හැදුවද?

මම - අද Planes 12 ගියා.

අම්මා - මෙයා Class යන්නෙ ගනන් හදන්න නෙමේ , Planes ගනන් කරන්න ( නපුරු මූන )

අම්ම දන්නෙ නෑ නේ 1 - 12 ට ගනන් කරන්න පැය කීයක් උඩ බලාගෙන ඉන්න ඕනෙද කියලා...

ඔහොම ඉතිං ටික දවසක් Class යනකොට එකා දෙන්නා ෆිට් උනා...Teacher හැමදාම Homework  බලනවා Class එක පටන් ගන්න කලින්. Class එකේ 100 විතර ඉන්නවනේ, ඉතිං 10 දෙනෙක්ගේ පොත් බලනකොට ඉතුරු 90 දෙනාම කතා කර කර ඉන්නවා. ඕක නවත්තන්න Teacher කියුවා , කතා කරල අහුවෙන කෙනා Class එක ඉස්සරහට ඇවිදින් කවියක් කියන්න ඕනෙ කියලා,( කවද කියපු කවිද කොල්ලෝ කියුවලු...ලොල්)

ඔන්න ඉතින් පළවෙනි සති දෙක තුන බොහොම අමාරුවෙන් කට වහගෙන හිටියා. ටික දවසක් ගියාට පස්සෙ වැඩේ ශේප්. හොඳට කට වහගෙන ඉන්න පුලුවන්. ( කතා කරන එකාව අල්ලන්න එක්කෙනෙක්ට එන්න කියනවා, එකෙක් ව ඇල්ලුවම නැගිටල ඉන්න එකාට ඉඳගන්න පුළුවන් ).

මට නම් ඉතිං ගානක් නෑ, මොකෝ මම වැඩිය කතා කරන්නෙ නෑ නේ. මම ඉතිං අනික් එවුන් කියන කවි අහගෙන ඉන්නවා. දවසක් දා මම Home work කරන්නේ නැතුව ගියා, කරුමෙට මම ටිකක් පරක්කු වෙලා ගියේ. මම යනකොට Class එකේ මැද හරියේ ඉන්න එවුන්ගේ තමයි පොත් බලන්නේ, ඒ කියන්නේ මම පිටි පස්සෙන් ඉඳගත්තට මගෙ පොතත් අද බලනව වගේ සීන් එකක් යන්නේ. බල බල ඉන්න දෙයක් නෑ, ඉක්මනට ගනන් 5ක් වත් හදාගෙන ඉතුරු ඒව ටික තේරෙන්නේ නෑ කියල පොත පෙන්නල වැඩේ ශේප් කරගන්න ඕනේ... පෑන ගන්න බලනකොට බෑග් එකේ පෑන නෑ...මලා... මට අද මොකද්ද වෙන්න යන්නේ...එහෙන් Teacher පොත් බලනවා, අනික් පැත්තෙන් තව එකෙක් කතා කරන එවුන්ව අල්ලන්න බලාගෙන ඉන්නවා...

මම බංකුවේ එක කොනක, අනික් එකා ඉන්නේ එහා කොනේ... එහා පැත්තේ එකා මගේ පැත්ත බලනකම් ඉඳලා මම ශේප් එකේ පෑනක් ඉල්ලුවා...

මගේ කරුමෙටම අර කතා කරන එවුන්ව අල්ලන්න දාල හිටපු එකා මාව දැක්කා... මොනා කරන්නද ? දැන් Stage එක උඩට ගිහින් කියපංකො කවි, කවදා කියපු කවිද? ගනන් හැදුවෙ නෑ කියලා නෝන්ඩි උනා නම් ඊට වඩා හොඳයි කියල හිතුනා.

මාව අල්ලගත්තු එකා දිහා රවල බලලා මමත් දැන් Stage එකට නැග්ගා. ඩිම් උන පාරට මට කවි මතක් වෙන්නෙත් නෑ...මම දැන් අත් දෙක පිටිපස්සට කරගෙන Fan එක දිහා බලන් ඉන්නවා, Teacher ඇතුළු Class එකේ සියළු දෙනාම මගේ දිහා බලන් ඉන්නවා.

Teacher - කෝ ??? තමුන්ට කවි මතක නැද්ද??? ඉස්කෝලෙදී කවි කියන්න උගන්නන්නේ නැද්ද???

මම - නෑ... මතකයි Teacher

Teacher - හ්ම්ම්ම්ම්ම්.... ඉක්මනට කියනවා වෙලාව නාස්ති කරන්නෙ නැතුව.

මම - හ... හා Teacher

ඔන්න ටියුබ් ලයිට් එක ගැහිලා ගැහිලා පත්තු උනා... එක පාරටම මට කවියක් මතක් උනා... අපි ගොඩක් දෙනෙක් දන්න කරත්ත කවියක්.

තණ්ඩලේ දෙන්න දෙපොළේ           දක්කනවා...
කටු කැලේ ගාලෙ නොලිහා වද        දෙනවා...
හපුතලේ කන්ද දැකලා බඩ              දනවා...
පවු කළ ගොනෝ ඇදපන් හපුතල්    යනවා...

හරි දැන් කවිය මතකයි, දැන් බය වෙන්න දෙයක් නෑ... ඔන්න මම කවිය කියන්න පටන් ගත්තා

තණ්ඩලේ දෙන්න දෙපොළේ           දක්කනවා...
පළවෙනි පේළිය හරි,

කටු කැලේ ගාලෙ නොලිහා වද        දෙනවා...
දෙවනි පේළියත් හරි

හපුතලේ කන්ද දැකලා බඩ              යනවා...

ඩිම් වෙලා හිටපු පාරට විද්දා හොඳවයින් විදිල්ලක්, මට එකපාරටම ඒක මීටර් උනේ නෑ. මුළු Class එකම එකපාරටම හිනාවෙන්න පටන් ගත්තා, මට මුකුත් හිතාගන්න බැරුව Teacher දිහා බැලුවා, පොත් බලන එක පැත්තකින් තියලා Teacher ත් හිනාවෙනවා.

මට පස්සෙ තමයි මීටර් උනේ මම විද්දා කියලා.මම ඉතින්  බිම බලාගෙන හිටියා. වෙන මොනා කරන්නද? පස්සෙ Teacher කියුවම තමයි ගිහින් ඉඳගත්තේ. එදා තමයි මම හොඳටම බයිට් උන දවස.

ආයි ඉතින් එදා ඉඳලා කොල්ල ඒ Class එකේදී කවදාවත් කතා කලේ නෑ.හික්ස්...ඩී