මේකත් ඔබලම යන්න...

Thursday, July 19, 2012

අවුරුද්දයි...!!!




Posts – 20    (මේ  21)

Comments - 131

Page Views - 2652


ඔන්න Blog එක පටන් අරගෙන අවුරුද්දකුත් උනා... මතකනේ ගිය අවුරුද්දේ මම ලියපු පළවෙනි එක???


අනිත් Blogs එක්ක බලද්දී , ඒවට වඩා මේකේ Page Views, Comments, Posts ගොඩක් අඩුයි.

ගොඩක් දෙනෙක් මට කියපු දෙයක් තමයි "අපිට දිගටම කියවන්න මොනව හරි ලියන්න". නමුත් මට තියෙන වැඩත් එක්ක ටිකක් අතපසු වෙනව තමයි, ඒත් මම ලියන එක නවත්තල නෑ...

මම අද වැඩිය ලියන්නෙ නෑ

මට ඕන උනේ මෙතෙක් කල් මගෙත් එක්ක අදහස් බෙදා ගත්ත ඔයලට ස්තූති කරන්න.ඉස්සරහටත්  මගෙත් එක්ක ඉන්න කියන්න.

එහෙනම්, ඔබට ජය...!!!

මාටියා...

පිංතූරය ගත්තේ -  http://keyboardrequired.blogspot.com/2012/03/1-year-later.html

Sunday, July 15, 2012

Brown උඹ...!!!



 උඹව අපේ ගෙදරට ගෙනාවේ 2000 අවුරුද්දේ, එතකොට මම 6 පන්තියේ.

මට තාම මතකයි උඹව මම ඔඩොක්කුවෙ තියාගෙන අපේ ගෙදරට අරගෙන ආපු හැටි, ඒකාලෙ උඹ පොඩි එකා, මගේ කකුල් දෙක වටේ කැරකි කැරකි උඹ මාත් එක්ක සෙල්ලම් කරපු හැටි තාම මතකයි.

මතකද? උඹ අපිත් එක්ක මාතර ගියා?, උඹ අපේ Double Cab එකේ පිටිපස්සෙ වාඩිවෙලා ආතල් එකේ ගියපු හැටි, බේරුවල Beachඑකේ සෙල්ලම් කරපු හැටි...

ඇත්තටම උබ අපේ ගෙදරට හොඳ ආරක්ශකයෙක් උනා...

එක අලුත් අවුරුද්දක, රතින්ඤා පත්තු කරනකොට මගේ කකුල් දෙක ගාවට වැටුන රතින්ඤා කරල කටින් අරගෙන වීසි කරන්න තරම් උඹ නිර්භීත උනා...

උබ අපේ ගෙදර 5 වෙනි සාමාජිකය උනා කියුවොත් මම හරි,

ඔහොම හෙමිහිට අවුරුදු 12.5 ම ගෙවිල ගියා, මේ අවුරුද්දේ මුල ඉඳලම මට තේරුනා උබ ටික ටික දුර්වල වෙනවා කියලා,

ඔහොම ඉඳලා පහුගිය සතියෙ උඹට ටිකක් අමාරුයි කියල තේරුනා, ගිය සෙනසුරදා (7) උඹේ අන්තිම දවසේ උදේ මම උඹේ ඔලුව අත ගාල, ඉක්මනට සනීප වෙයං කියල Lecturs ගියා.

හවස 4.304මල්ලි කතා කරල කියුවා"අයියේ... Brown මැරුණා"...

“මිනිසාගේ ළඟම මිතුරා සුනඛයාය” , යන කියමනට උඹ සාධාරණය ඉශ්ඨ කළා...


අදට උබ ගිහින් දවස් 8, තාමත් මිදුලට ගියාම උබ අපේ ළඟ ඉන්නව වගේ දැනෙනවා...

තව මාසෙකින් නැත්නම් දෙකකින් අපේ ගෙදරට තව එකෙක්ව අරන් එයි,

ඒත් උඹ නැති අඩුව පුරවන්න ඌට බැරිවෙයි...

මම මේ ලියපු ඒවා වල කිසිම සම්බන්දයක් නම් නැතුව ඇති, හිතට එන දේ ලියුවා...


මේ ගැන ලියන්න මාව උනන්දු කරපු LoLdY  DoLL ට  Thanx.