මේකත් ඔබලම යන්න...

Sunday, September 2, 2012

දිස් . දිස් ප(ර්)සන් / This . This person




හා කොහොමද?? ගොඩක් දවසකට පස්සේ, පහුගිය දවස් ටිකේම exams වගයක් තිබුනා, ඒකයි මේ පැත්තේ එන්න බැරිඋනේ... ඔන්න අද තමයි exams ඉවර උනේ, ආයි සති ගානකට නෑ...

අද exam ඉවරවෙලා ගෙදර එනකොට තමයි මට මේක  මතක් උනේ. මේ සිද්දිය උනේ ගිය අවුරුද්දේ අපේ Research Prototype Presentation එකේදී. ඔන්න ඔය Reaserch එකේදිම final presentation එකේදි උන දොර ඇරපු සීන් එක කියෙවුවෙ නැත්නම් ගිහින් කියවල එන්න.

හරි දැන් ආපහු කතාවට.

සාමාන්‍යයෙන් research එකක prototype presentation එක වෙද්දී 90% වත් complete වෙලා තියෙන්න ඕනේ. කියන්නේ, බලන්න එන supervisor පෙන්නන්න output එකක් තියෙන්නම ඕනේ. නමුත් ඔය කියන කාලෙ වෙනකොට අපේ research එකේ complete වෙලා තිබුනේ 60% විතර තමයි.අපි හදපු mobile application එකේ තිබුන compatible issues වගයක් නිසා, අපිට පෙන්නන්න හරිහමන් output එකක් තිබුනේ නෑ. ඉතින් එහෙමයි කියලා,අපිට prototype presentation නොකර ඉන්නත් බෑනේ. කොහොමහරි හිත හදාගෙන, අපි presentation එකට යන්න රෙඩි උනා.

presentation එකට  කළින් Group එකේ ඉන්න ගෑනු ළමයි දෙන්නා A4 sheets 5ක විතර හෙන ස්ටෝරියක් පාඩම් කරනවා,( ගෑනු ළමයි  කොහොමත් එහෙමනේ...පී) මමයි අනික් දෙන්නයි නම් Project එක error Free කරන්න බලනවා. ඒ අස්සේ බඩා (කතාවට අදාල පුද්ගලයා) ත් කවදාවත් නැතුව මොනාදෝ පාඩම් කරනවා.

මම - මොකෝ බං මේ, කවදාවත් නැතුව මොනාද පාඩම් කරන්නේ???

බඩා - නෑ බං, පොඩ්ඩක් බලා ගත්තා, supervisor ඉස්සරහ අනාගන්න බෑ නේ.

Group Leader - එල එල උබ හොඳට බලගනින්.ඌට පාඩම් කරන්න දීල උබ පොඩ්ඩක් මේ presentation slides ටික හදපං.

මමත් ඉතිං ඌට බලගන්න දීල slides ටික හදල ඉවර කලා.

ඔන්න දැන් presentation එක කරන්න පටන් ගත්තා.( හිනාවෙලා හිටියට මොකද?, කට්ටියගෙම හිතේ පොඩි බයක් තිබුනා.) සුපුරුදු විදියටම බොහොම ලස්සනට කට්ටියම presentation එක කරගෙන යනවා.(ආසාවේ බෑ) මට දීල තිබුනේ conclution එක කරන්න, මට කලින් ඉන්නේ බඩා, දැන් බඩා  presentation එකේ උගේ ටික explain කරල ඉවරයි,දැන් මට presentation එක handover කරන්න තමයි තියෙන්නේ.

සාමාන්‍යයෙන් presentation එක hand over කරන්නේ ,

“I would like to invite my colleague to continue the rest of the presentation”

“Now I will hand over the presentation to my friend”

ඔන්න ඔය වගේ එකක් කියලා.

බඩා - මගේ දිහා බලන ගමන් , “Now I will hand over the presentation to This.This person, Thank You”

මට එකපාරටම හිනා යන්න ආවත් , presentation එක මැද්දේ හිනාවෙන්න බැරිනිසා, හිනාව තද කරගෙන presentation එකේ ඉතුරුටික කරගෙන ගියා.

එළියට ආවට පස්සේ...

Group Leader - ඒ... බඩා, මොකද්ද බං උබ අර කියපු This .This person කතාව???

බඩා - අඩෝ නෑ බං, මම slides වල කියන්න තිබුන ඒව පාඩම් කලාට, hand over කරන විදිය පාඩම් කරන්න බැරිඋනා නේ බං.මට this කියද්දී එකපාරටම මතක් උනේ ඊයෙ Lab එකේ කරපු Java Application එකේ This .This කෑල්ල,ඉතිං මම ඒක එහෙම්ම කියල දැම්ම බං.

මූ මෙහෙම කියනකොට, එතන හිටප හැම එකාම බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා, මොකද ඔය වගේ presentations වලදී මේ වගේ විදිලි කවුරුත් විදින්නේ නැති නිසා.

බැච් එකේ හැමෝම වගෙ එදා ඉඳන් බඩාව බයිට් කරන්නේ ඔය කතාව කියලා. ඔන්න මම අදත් උබව බයිට් කොලා... පී

තව මේ වගේ පොඩි පොඩි පිස්සු ආතල් ගොඩාක් තියෙනවා, හෙමින් සැරේ එක එක කියන්නම්කෝ...