මේකත් ඔබලම යන්න...

Monday, October 7, 2013

T.V series හොයාගන්න / Download කරගන්න ලේසිම විදිහ


T.V series කියුවම ඉතින් ආයි මොනාද නේද??? පැය ගනන් එක දිගට බලන්න, රටේ ලොකේ වෙන්නේ මොනාද? උදේට කෑවද? දවල්ට කෑවද? ඊයේ රෑට කෑවද? ලංකාවෙ යුද්දේ ඉවරද? Assignment එකේ deadline එක කවද්ද? Repeat exam කීයක් ඉතුරුවෙලා තියෙනවද? වගේ දැවෙන ප්‍රශ්නමුකුත්ම ඔලුවට දාගන්නේ නැතුව ඉන්න පුලුවන් එකම විදිහ තමයි මේක.

T.V series ගැන කතා කරද්දී මට තියෙන  ප්‍රශ්න තමයි,
1)      මේ T.V series එක telecast වෙලා ඉවරද?
2)      තාම telecast වෙනවනම් ඉස්සරහට එන්න තියෙන episodes ටික           කොහොමද download කරගන්නේ?
3)      Download උන episodes වල quality එක හොඳයිද?
4)      මුළු series එකම download කලොත් දාන්න hard disk එකේ ඉඩ        තියෙයිද?
5)      Internet Connection එකේ ලිමිට් පැනලද?
6)      දැන් download වෙන්න දැම්මොත්, කොච්චර වෙලාවකින් download වෙයිද?

ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා මම පොඩ්ඩක් හොයල බැළුවා, Torrent search engine වල පැය ගනන් search කරනවට වඩා ලේසී විදිහක් තියෙනවද කියලා? එතකොට හම්බවුනා පොඩි software එකක්. මේ software එකෙන් යම් කිසි T.V series  එකක මුල ඉඳන් අගටම කරදරයක් නැතුවම හොයා ගන්න පුලුවන්.

එකේ නම TV Trigger. පහළ link එකෙන් ගිහින් Download කරගන්න.


Install උනාට පස්සේ desk top icon එක double click කරල open කරගන්න. (පහළ රූපය බලන්න)



ඊට පස්සේ ඔක්කොම TV Shows ටික update වෙනකම් ඉන්න. (පහළ රූපය බලන්න)

දැන් උඩ තියෙන buttons වලින් කෙරෙන්නේ මොනාද කියන්නම්.

1)      Browse

මෙතන search box එකේ කැමති T.V series එකක නමක් type කරලා හොයගන්න පුලුවන්. මතක ඇතුව දකුණු පැත්තේ තියෙන “Heart Icon” එක උඩ කරලා Favorites වලට add කරගන්න. එතකොට ඊළඟ episode එක release වෙලා හොඳ torrent එකක් ආපු ගමන් desktop notification එකක් එනවා. (පහළ රූපය බලන්න)

මෙතන වම් පැත්තේ තියෙන ලිස්ට් එකෙන් “Episode List"  select කරන්න, එතකොට මෙතෙක් telecast උන හැම episode එකක්ම list down වෙනවා. කැමති episode එකක් උඩ double click කරලා" Find Torrent "කෙරුවම torrent එක හොයගන්න පුලුවන්. (පහළ ඒ ගැන හරියටම විස්තර කරල තියෙනවා.)


2)      Favorite Shows

“Heart Icon” එක උඩ කරලා Favorites වලට add කරගත්තට පස්සේ, මෙතනින් ඒකේ description එක ගන්න පුලුවන්. Download කරගන්න  කැමති episode එකක් උඩ double click කරන්න (පහළ රූපය බලන්න)

ඊට පස්සේ එන window එකේ තියෙන “Find Torrent” button එක කරන්න. (පහළ රූපය බලන්න)


ඊට පස්සේ හොඳ torrents ටික ඔක්කොම list down වෙනවා. (පහළ රූපය බලන්න)


***  Download කරන්න කලින්, Settings à Torrents à download torrents using default bittorrent client Select කරන්න.  (පහළ රූපය බලන්න ***


දැන් කැමති torrent link එකක් උඩ double click කරන්න. ඊට පස්සේ එන pop up message එකෙන් proceed කරන්න. (පහළ රූපය බලන්න 


ඊට පස්සේ computer එකේ install කරල තියෙන torrent client එකෙන් open වෙයි. (පහළ රූපය බලන්න)


මේ තියෙන්නේ මේ විදිහට download කරපු episode එකක screenshot එකක්.


Screenshots Clear නැත්නම් pic එක උඩ double click කරන්න.