මේකත් ඔබලම යන්න...

Saturday, November 9, 2013

මෑන් ඇන්ඩ් රියල් ස්ටීල්


කාලෙකට පස්සේ පොඩි ආතල් කතාවක් හම්බවුනා.නම් දාන්න බැරි නිසා X and ජනියා කියලා දානවා.

X – මචං, අද පාඩම් කරන්න එනවද?
ජනියා -  ඔව් බං, දැන් එන්න හදන්නේ.

X – මච්ං, එනකොට හොඳ film එකක් අරන් වරෙන් පාඩම් කරන ගමන් බලන්න.
ජනියා -  පට්ට idea එක යකෝ, ඒ උනාට මගේ ලඟ වැඩිය films නෑ නේ බං.

X – අර අළුත් film එක ගෙනෙන්, ඒක පට්ටලු.
ජනියා -  මොකද්ද?

X – MAN AND REAL STEEL එක ගෙනෙන්කො බං.
ජනියා -  ඒ මොකද්ද බං ඒ?

X – ඇයි යකෝ, අර Super Man  ඉන්න එක?
ජනියා -  ඒකේ නම Man of Steel බං.

X – දන්නේ නැත්නම් search කරල බලපන්, හික් හික් මම කාටවත් කියන්නෑ ඉතින්.
ජනියා – Sorry  බං, මගේ ළඟ එහෙම එකක් නෑ බං.

X –  හරි මච්ං.

(පැය 2 පසුව)

X – අඩෝ, අරක කාටවත් කියන්න එපා බං.
ජනියා -  මොකද්ද?

X – අර ෆිල්ම් සීන් එක. අඩෝ උබ කියපු නම හරි බං
ජනියා -  ඒකනේ...

X – කියන්න එපා හොඳේ...
ජනියා -  හා

අපේ කොල්ලෝ පාඩම් කරන්නේ මෙහෙමළු  ඈ…!!!  

Monday, October 7, 2013

T.V series හොයාගන්න / Download කරගන්න ලේසිම විදිහ


T.V series කියුවම ඉතින් ආයි මොනාද නේද??? පැය ගනන් එක දිගට බලන්න, රටේ ලොකේ වෙන්නේ මොනාද? උදේට කෑවද? දවල්ට කෑවද? ඊයේ රෑට කෑවද? ලංකාවෙ යුද්දේ ඉවරද? Assignment එකේ deadline එක කවද්ද? Repeat exam කීයක් ඉතුරුවෙලා තියෙනවද? වගේ දැවෙන ප්‍රශ්නමුකුත්ම ඔලුවට දාගන්නේ නැතුව ඉන්න පුලුවන් එකම විදිහ තමයි මේක.

T.V series ගැන කතා කරද්දී මට තියෙන  ප්‍රශ්න තමයි,
1)      මේ T.V series එක telecast වෙලා ඉවරද?
2)      තාම telecast වෙනවනම් ඉස්සරහට එන්න තියෙන episodes ටික           කොහොමද download කරගන්නේ?
3)      Download උන episodes වල quality එක හොඳයිද?
4)      මුළු series එකම download කලොත් දාන්න hard disk එකේ ඉඩ        තියෙයිද?
5)      Internet Connection එකේ ලිමිට් පැනලද?
6)      දැන් download වෙන්න දැම්මොත්, කොච්චර වෙලාවකින් download වෙයිද?

ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා මම පොඩ්ඩක් හොයල බැළුවා, Torrent search engine වල පැය ගනන් search කරනවට වඩා ලේසී විදිහක් තියෙනවද කියලා? එතකොට හම්බවුනා පොඩි software එකක්. මේ software එකෙන් යම් කිසි T.V series  එකක මුල ඉඳන් අගටම කරදරයක් නැතුවම හොයා ගන්න පුලුවන්.

එකේ නම TV Trigger. පහළ link එකෙන් ගිහින් Download කරගන්න.


Install උනාට පස්සේ desk top icon එක double click කරල open කරගන්න. (පහළ රූපය බලන්න)



ඊට පස්සේ ඔක්කොම TV Shows ටික update වෙනකම් ඉන්න. (පහළ රූපය බලන්න)

දැන් උඩ තියෙන buttons වලින් කෙරෙන්නේ මොනාද කියන්නම්.

1)      Browse

මෙතන search box එකේ කැමති T.V series එකක නමක් type කරලා හොයගන්න පුලුවන්. මතක ඇතුව දකුණු පැත්තේ තියෙන “Heart Icon” එක උඩ කරලා Favorites වලට add කරගන්න. එතකොට ඊළඟ episode එක release වෙලා හොඳ torrent එකක් ආපු ගමන් desktop notification එකක් එනවා. (පහළ රූපය බලන්න)

මෙතන වම් පැත්තේ තියෙන ලිස්ට් එකෙන් “Episode List"  select කරන්න, එතකොට මෙතෙක් telecast උන හැම episode එකක්ම list down වෙනවා. කැමති episode එකක් උඩ double click කරලා" Find Torrent "කෙරුවම torrent එක හොයගන්න පුලුවන්. (පහළ ඒ ගැන හරියටම විස්තර කරල තියෙනවා.)


2)      Favorite Shows

“Heart Icon” එක උඩ කරලා Favorites වලට add කරගත්තට පස්සේ, මෙතනින් ඒකේ description එක ගන්න පුලුවන්. Download කරගන්න  කැමති episode එකක් උඩ double click කරන්න (පහළ රූපය බලන්න)

ඊට පස්සේ එන window එකේ තියෙන “Find Torrent” button එක කරන්න. (පහළ රූපය බලන්න)


ඊට පස්සේ හොඳ torrents ටික ඔක්කොම list down වෙනවා. (පහළ රූපය බලන්න)


***  Download කරන්න කලින්, Settings à Torrents à download torrents using default bittorrent client Select කරන්න.  (පහළ රූපය බලන්න ***


දැන් කැමති torrent link එකක් උඩ double click කරන්න. ඊට පස්සේ එන pop up message එකෙන් proceed කරන්න. (පහළ රූපය බලන්න 


ඊට පස්සේ computer එකේ install කරල තියෙන torrent client එකෙන් open වෙයි. (පහළ රූපය බලන්න)


මේ තියෙන්නේ මේ විදිහට download කරපු episode එකක screenshot එකක්.


Screenshots Clear නැත්නම් pic එක උඩ double click කරන්න.


Thursday, September 26, 2013

How to play Counter Strike 1.6 Online



මාස ගානකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා... එන්න බැරි උනේ වැඩ ගොඩ ගැහිලා තිබුන නිසා. පෝස්ට් එකක් දාන්න හදන හැම වෙලාවකම මොකක් හරි වැඩක් සෙට් වෙනවා.


Heading එක බලපුවාම මොකක් ගැනද කියන්න යන්නේ කියල දන්නවනේ. මටත් සෑහෙන්න කාලෙක ඉඳලා තිබුන  ප්‍රශ්නයක් තමයි Counter Strike Online play කරන්නේ කොහොමද කියන එක? දන්න කියන අය 7-8 දෙනෙක්ගෙන් අහල බැළුවට, කිසිම කෙනෙක් හරියටම දන්නේ නෑ. අද උදේ Free time එකක් තිබුන නිසා, පොඩ්ඩක් හොයල බැළුවා මේක කොහොමද කරන්නේ කියලා.

හොයාගෙන යනකොට හම්බවුනා නියම Web Site එකක්. http://www.gametracker.com මේ සයිට් එකේ Counter Strike විතරක් නෙමේ තව games online play කරන්න පුලුවන්. පහළ තියෙන Featured Game List එක බලන්න.


Counter Strike 1.6 Download කරන්න නම් හොඳ  link එකක් හොයගන්න බැරි උනා. පොඩ්ඩක් හොයල බලන්න එතකොට බැරිවෙන එකක් නෑ. මම කියන්නේ install කරාට පස්සේ ඔන්ලයින් play කරන්න set up කරන විදිහ.

තව මේ web site එකේ Account එකකුත් හදාගන්න, නැත්නම් online play කරන්න බෑ. Account එක හදන්න විනාඩි 10 ක් විතරයි යන්නේ.

ඊටපස්සේ,

1)      http://www.gametracker.com එකේ Downloads වලට යන්න. ඊටපස්සේ, download Windows Client click කරලා. ඒ පොඩි software එක download කරගන්න. 5.51 MB (පහළ රූපය බලන්න)



2)      Downloads Folder එකේ තියෙන “GTSetup” එක install කරගන්න. (install කරනකොට “View Release notes ” Untick කරගන්න)

3)      ඊටපස්සේ කලින් හදාගත්තු User name and password දීලා sign in වෙන්න. (පහළ රූපය බලන්න)


4)      ඊටපස්සේ එන Window එකේ counter Strike 1.6 තියෙනවද බලන්න. (පහළ රූපය බලන්න)


5)      පළවෙනි පාර counter Strike 1.6 එතන list එකේ පෙන්නනේ නෑ. Game එක addකරගන්න. à Edit à Game setup select කරගන්න. (පහළ රූපය බලන්න)


6)      ඊටපස්සේ එන window එකෙන් Add Game Select කරගන්න (පහළ රූපය බලන්න)



7)      ඊටපස්සේ එන window එකෙන්  Game = Counter Strike 1.6 Select කරගන්න, Target එකෙන්  C: Drive එකේ Game එක Install උන folder එක “Auto find ” කර select කරගන්න. ඊට පස්සේ apply à  OK කරන්න.(පහළ රූපය බලන්න)



8)      දැන්  game එක games list එකේ add වෙලා තියෙන්න ඕනේ. (පහළ රූපය බලන්න)


9)      දැන් ආයිත් Game Tracker සයිට් එකට යන්න.

10)   Servers Tab එක select කරන්න. Playing drop down list එකෙන් counter Strike 1.6 select කර “Go” select කරන්න. (පහළ රූපය බලන්න)


11)   දැන්  එන Servers List එකෙන්  කැමති Server එකක් select කර à “Join” select කරන්න.


12)   ඊට පස්සේ එන pop up window එකෙන්   “Join Game Server” select කරන්න. (පහළ රූපය බලන්න)


13)   ඊට පස්සේ එන pop up window එකෙන්   “Launch Application” select කරන්න. (පහළ රූපය බලන්න)


                             
                                  
                                         දැන් හිතේ හැටියට Counter Strike       Play කරන්න...!!!



Saturday, March 9, 2013

ගන්නම් ස්ටයිල් , හාලම් ශේක් සහ ඉන් ඔබ්බට...!!! (Gangnam Style/ Harlem Shake)




ගොඩ කාලෙකට පස්සේ ලියන්නේ, වැඩ වැඩි නිසා ලියන්න වෙලාවක් හම්බුවෙන්නේ බොහොම කලාතුරකින්.නමුත් අත අරින්න බෑ මේ ලියන එක, ඒක නිසා කොහොම හරි ලියනවා.

සංගීත ලෝකෙත් කාලෙන් කාලෙට එක එක විදියේ Styles/ Trends එනවා.

මම දන්න කාලේ Michael Jackson Trend එක තිබුනා. ටික කාලෙයක් යනකොට ඒ  ජනප්‍රියත්වය අඩු වෙලා Rap Music, R n B , Hip Hop වගේ Music උඩට ආවා.

හැමෝටම මතක ඇති, ලංකාවෙත් මීට අවුරුදු 2-3 විතර කලින් එක දවසකට Music Videos 10 විතර එලියට ආපු කාලයක් තිබුනා. ඒ දවස්වල හැම T.V. Channel එකක්ම දවසේ වැඩි වෙලාවක් වෙන් කලේ Music Programs / request Shows වලට. ඒ දවස් වල ලංකාවෙ Music කරපු ගොඩ දෙනෙක් අතර තිබුන මත තමයි,

"Rap එකක් නැත්නම් සිංදුව Hit වෙන්නේ නෑ."

"Hot කෙල්ලො ටිකක් දාල Video එකක් කලෙ නැත්නම් මිනිස්සු සිංදුව බලන්නේ නෑ."

කොහොම නමුත් හතු පිපෙනව වගේ Music කරපු කට්ටියගෙන් 90% විතර හැලිල ගිහින්, ඉන්න අයත් අවුරුද්දකට සිංදු 1-2 වගෙ කරනවා කියල තමයි මට හිතෙන්නේ.

ඒ කතා කලේ ලංකාව ගැන,

International music trend එක ගැන කතා කලොත්, Michael Jackson, 50 cent, Eminem, Hinder , Pit-bull, Neo, Shakira , Beyonce, Britiny, Jenifer Lopez වගේ තනියෙන් සිංදු කියන අයත්,

West life, back street boys, pussy cat dolls,  වගේ Music groups කාලෙන් කාලේට එක එක Trends ලෝකෙට හදුන්වල දුන්නා.

බටහිර ගායන ශිල්පීන් විසින් ඇතිකරගෙන තිබුන ඒ ආදිපත්‍ය බිදින්නට උත්සාහ කලේ ඉන්දියානුවන් විසින්, යම්තාක් දුරට එය සාර්ථක උනත්, එය හොදින් සාර්ථක කරගත්තේ කොරියානු ගායක Psy විසින්. ඒ ගන්නම් ස්ටයිල් ගීතය හරහා. හැමෝම දන්නව ගන්නම් ස්ටයිල් ගීතය You Tube සහ ගිනස් වාර්තා අතරට එක් වෙලා ඉවරයි කියලා. ආසියානුවන් වශයෙන් අපිට ඒක ආඩම්බරයක්.



ගන්නම් ස්ටයිල් වලින් පස්සේ ටිකක් අමුතු විදිහේ Music Videos එලියට එන්න පටන් ගත්තා.

Honey Bunny මේ Video එකත් ටිකක් ඒ වගේ එකක්.




මේවා අතරට එකතු උන අලුත් ම trend එක තමයි හාලම් ශේක්, මේක කවදා කොහෙන් පටන් ගත්තද කියල නම් දන්නේ නෑ.නමුත් හාලම් ශේක් නම් You Tube එකේ නැගල යනවා. දවස ගානේ අලුත් Videos එකතුවෙනවා.


පහලින් තියෙන්නේ ඒ වගේ Videos කීපයක්.




                                          

ඔන්න අපිත් හදුවා හාලම් ශේක් Video එකක් , හොදයිද බලන්න. :D



එදා Michael Jackson ලා ගෙන් පටන් ගත්ත trend එක අද වෙනකොට ගන්නම් ස්ටයිල්, හාලම් ශේක් වෙනකම් ඇවිල්ලා තියෙනවා, ඉස්සරහට තව අළුත් trends ලෝකෙට එකතු වෙයි, අපි බලමු ඒවයේ මොන විදිහේ පිස්සු විකාර තියෙයිද කියලා.


Monday, December 31, 2012

2012 මම…!!!





දන්නෙම නැතුව අවුරුද්දක් ගෙවිල ගියා...

 2012 අවුරුද්ද මට නම් සතුට වැඩියෙන් තිබුන අවුරුද්දක්... :)

එහෙම වෙන්න හේතු තමයි මෙවුවා...

                   1)      අවුරුද්ද මුලදිම ඉස්කොලෙ කාලෙ යාලුවො ඔක්කොම සෙට් වීම.
                   2)      අවුරුදු ගානකට පස්සේ ටික කාලෙකට ආදරය කිරීම,
                         ( බොහොම ටික කාලෙකට ...)
                   3)      බ්ලොග් එක පටන් අරගෙන අවුරුද්දක් වීම.
                   4)      Exam ගොඩ යෑම.
                   5)      Permanent ජොබක් සෙට් වීම.

මේ ගෙවුන අවුරුද්ද සතුටුදායක එකක් වීමට මූලික හේතු තමයි මේවා...

එකම අවුලකට තිබුනේ, ආසාවෙන් වෙයි කියල බලන් හිටපු ලෝක විනාසේ සිදු නොවීම...
Camera ready කරගෙන , Hopes තියාගෙන බලන් හිටියට , එකම එක උල්කාපාතයක්වත් නොවැටීම.

කොහොම උනත් ඉතා සාර්ථක අවුරුද්දක් ඉවර කරලා 2013 ලබන මේ වෙලාව මට වගේම, මගේ හැම යාලුවෙක්ටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන, කිසිම අවුලක් වෙන්නේ නැති, පට්ටම Happening අවුරුද්දක් වේවා කියා පතනවා...


Sunday, September 2, 2012

දිස් . දිස් ප(ර්)සන් / This . This person




හා කොහොමද?? ගොඩක් දවසකට පස්සේ, පහුගිය දවස් ටිකේම exams වගයක් තිබුනා, ඒකයි මේ පැත්තේ එන්න බැරිඋනේ... ඔන්න අද තමයි exams ඉවර උනේ, ආයි සති ගානකට නෑ...

අද exam ඉවරවෙලා ගෙදර එනකොට තමයි මට මේක  මතක් උනේ. මේ සිද්දිය උනේ ගිය අවුරුද්දේ අපේ Research Prototype Presentation එකේදී. ඔන්න ඔය Reaserch එකේදිම final presentation එකේදි උන දොර ඇරපු සීන් එක කියෙවුවෙ නැත්නම් ගිහින් කියවල එන්න.

හරි දැන් ආපහු කතාවට.

සාමාන්‍යයෙන් research එකක prototype presentation එක වෙද්දී 90% වත් complete වෙලා තියෙන්න ඕනේ. කියන්නේ, බලන්න එන supervisor පෙන්නන්න output එකක් තියෙන්නම ඕනේ. නමුත් ඔය කියන කාලෙ වෙනකොට අපේ research එකේ complete වෙලා තිබුනේ 60% විතර තමයි.අපි හදපු mobile application එකේ තිබුන compatible issues වගයක් නිසා, අපිට පෙන්නන්න හරිහමන් output එකක් තිබුනේ නෑ. ඉතින් එහෙමයි කියලා,අපිට prototype presentation නොකර ඉන්නත් බෑනේ. කොහොමහරි හිත හදාගෙන, අපි presentation එකට යන්න රෙඩි උනා.

presentation එකට  කළින් Group එකේ ඉන්න ගෑනු ළමයි දෙන්නා A4 sheets 5ක විතර හෙන ස්ටෝරියක් පාඩම් කරනවා,( ගෑනු ළමයි  කොහොමත් එහෙමනේ...පී) මමයි අනික් දෙන්නයි නම් Project එක error Free කරන්න බලනවා. ඒ අස්සේ බඩා (කතාවට අදාල පුද්ගලයා) ත් කවදාවත් නැතුව මොනාදෝ පාඩම් කරනවා.

මම - මොකෝ බං මේ, කවදාවත් නැතුව මොනාද පාඩම් කරන්නේ???

බඩා - නෑ බං, පොඩ්ඩක් බලා ගත්තා, supervisor ඉස්සරහ අනාගන්න බෑ නේ.

Group Leader - එල එල උබ හොඳට බලගනින්.ඌට පාඩම් කරන්න දීල උබ පොඩ්ඩක් මේ presentation slides ටික හදපං.

මමත් ඉතිං ඌට බලගන්න දීල slides ටික හදල ඉවර කලා.

ඔන්න දැන් presentation එක කරන්න පටන් ගත්තා.( හිනාවෙලා හිටියට මොකද?, කට්ටියගෙම හිතේ පොඩි බයක් තිබුනා.) සුපුරුදු විදියටම බොහොම ලස්සනට කට්ටියම presentation එක කරගෙන යනවා.(ආසාවේ බෑ) මට දීල තිබුනේ conclution එක කරන්න, මට කලින් ඉන්නේ බඩා, දැන් බඩා  presentation එකේ උගේ ටික explain කරල ඉවරයි,දැන් මට presentation එක handover කරන්න තමයි තියෙන්නේ.

සාමාන්‍යයෙන් presentation එක hand over කරන්නේ ,

“I would like to invite my colleague to continue the rest of the presentation”

“Now I will hand over the presentation to my friend”

ඔන්න ඔය වගේ එකක් කියලා.

බඩා - මගේ දිහා බලන ගමන් , “Now I will hand over the presentation to This.This person, Thank You”

මට එකපාරටම හිනා යන්න ආවත් , presentation එක මැද්දේ හිනාවෙන්න බැරිනිසා, හිනාව තද කරගෙන presentation එකේ ඉතුරුටික කරගෙන ගියා.

එළියට ආවට පස්සේ...

Group Leader - ඒ... බඩා, මොකද්ද බං උබ අර කියපු This .This person කතාව???

බඩා - අඩෝ නෑ බං, මම slides වල කියන්න තිබුන ඒව පාඩම් කලාට, hand over කරන විදිය පාඩම් කරන්න බැරිඋනා නේ බං.මට this කියද්දී එකපාරටම මතක් උනේ ඊයෙ Lab එකේ කරපු Java Application එකේ This .This කෑල්ල,ඉතිං මම ඒක එහෙම්ම කියල දැම්ම බං.

මූ මෙහෙම කියනකොට, එතන හිටප හැම එකාම බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා, මොකද ඔය වගේ presentations වලදී මේ වගේ විදිලි කවුරුත් විදින්නේ නැති නිසා.

බැච් එකේ හැමෝම වගෙ එදා ඉඳන් බඩාව බයිට් කරන්නේ ඔය කතාව කියලා. ඔන්න මම අදත් උබව බයිට් කොලා... පී

තව මේ වගේ පොඩි පොඩි පිස්සු ආතල් ගොඩාක් තියෙනවා, හෙමින් සැරේ එක එක කියන්නම්කෝ...