මේකත් ඔබලම යන්න...

Saturday, January 7, 2012

31 රෑ



අළුත් අවුරුද්දේ පළවෙනි පොස්ට් එක.පහුගිය දවස් ටිකේම වෙඩින් වලටයි හෝම් කමින් වලටයි සෙට් වෙලා හිටියා.කොහේගියත් ඉතින් අපේ කොල්ලො ටික සෙට් වෙනවනේ.ඉතින් කොල්ලො ටික මේ දවස් ටිකේම Teacher’s brandy, Red Label, Black Label සහ තවත් මොකද්ද මන්දා විස්කි එකකයි රස බල බල හිටියේ. බීල බීලා මගේ ලිවර් එක තියෙනවද දන්නෙත් නෑ....ලොල්.

ඒක එතනින් නැවතුනේ නෑ, මගේ ඉස්කෝලේ කාලේ හොඳම යාලුවෙක් වෙන ජෝජෝ මේ දවස් ටිකේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා, පොර ඉතින් මට ඉන්වයිට් කොලා 31 රෑ ගල්කිස්සේ Beach House එකේ තියෙන Beach party එකට සෙට් වෙන්න කියලා, මම ඉතින් ඕවා අතාරින ජාතියේ එකෙක් නෙමේ...ඩී… අනික ජෝජෝ එන්න කියුවාම නොගිහින් ඉන්න ජාතියෙ එකෙකුත් නෙමේ, අනික ඌ මගේ සහොදරයෙක් වගේ කොල්ලෙක්.

31 උදේ ජෝ කතා කරල කියුවා අපේ  බ්‍රදර් වත් එක්කගෙන වරෙන් කියලා, ඉතින් මමයි ඌයි හවස 6 විතර වෙනකොට ජෝලගේ ගෙදරට ගියා.මුන් එහෙත් Old Arrack එකක් ගෙනත් සෙට් වෙලා ආයිත් මොනාද මමත් ඉතින් චුට්ටක් දා ගත්තා.ලොල් (හොඳ චුට්ට )

තවත් කොල්ලෙක් අපි එක්ක සෙට් වෙලා හිටියා, ඌ තමයි නවීන්.ඌ විතරක් නෙමෙයි D.Kත් හිටියා.අපි සෙට් වෙලා ඉන්න ගමන් තමයි දැන ගත්තේ නවීන් වැඩ කරන්නේ එටිසලාට් එකේ කියලා.කොහොමින් කොහොම හරි මගේ පරණ ගෑනු ළමයවත් මිනිහ දන්නවා.පරණ දේවල් මතක් කරගන්නේ මොකටද කියලා මම ඔන්න ඔහේ හිටියා. අනික ඉතින් චුට්ටක් දා ගෙන නේ ඉන්නේ, ඉතින් ඒක නිසා ඔන්න ඔහේ හිටියා.

ඒ බොතලේ ඉවර උනාට පස්සේ ඉතින් ඔන්න කට්ටිය යන්න ලෑස්ති උනා, ජෝ කෑල්ලව අරන් එන්න ගියා, D.Kත් ගෙදර ගිහින් එන්නම් කියල ගියා. ගල්කිස්සට ගියාට පස්සේ මටයි  නවියටයි  බ්‍රදර්ටයි දැන් පට්ට බඩගිනී.අපි 3දෙනා තෝසේ කඩයක් අල්ලලා බිත්තර රොටි පාරක් එහෙම දාලා Beach House එකට යන්න සෙට් උනා.

3දෙනා කතාවක් දාගෙන ගල්කිස්ස ස්ලීක් සැලූන් එක ලඟ පාරෙන් බීච් එකට ගියා, ඒ පාරෙ අන්තිමට වෙන්න තමයි Berjaya Hotel එකත් තියෙන්නේ. ඔන්න ඉතිං ඔතනදීම මගේ පරණ ගෑනු ළමයා එනවා එයාගේ අලුත් බෝයියත් එක්ක.ලොල්… මරු නාට්ටිය නේද? එයා මාව දැකපු ගමන් හායී..!!! කියපු නිසා මමත් එයත් එක්ක පොඩ්ඩක් කතා කලා, මොකද  අළුත් අවුරුද්දක් ලබන වෙලාවේ පොඩි හරි තරහක් හිතේ තියෙනවනම් මගඇරිලා යයිනේ...

ඒක තමයි මාත් එක්ක යාළු වෙලා හිටපු ගෑනු ළමයෙක් , එයාගේ අළුත් පාට්නර් එක්ක මගේ ඉස්සරහට හම්බුවුන දෙවෙනි වතාව.දැන් ඔය ඉලවු සීන් පැත්තකින් තියමුකෝ...

කට්ටියම දැන් Beach House එකේ entrence එකට ටිකට් පෙන්නලා සීල් තියාගෙන,( සීල් කියුවේ, අර ඇතුලට යනකොට ලීගල් විදියට තමයි ආවේ කියල හොයාගන්න දාන ටැග් එකට හොඳේ...  වෙන මුකුත් එහෙම සීල් තිබ්බෙ නෑ...ලොල්) ඇතුලට ගියා.

ඒක නම් පට්ටයි ආ... එක පැත්තක ෆ්‍රී කොක්ටේල් දෙනවා...තවත් පැත්තක DJ එක නැගලා යනවා... ආයි ලොවෙත් නෑ...කට්ටියම හොල්මන් වෙලා වටපිට බලද්දී තමයි දැක්කේ ජෝජෝ ඇන්ඩ් අනික් සෙට් එක උඩ බැල්කනි එකේ ඉන්නවා.සෑහෙන්න ගේමක් දීලා පඩිපල හොයාගෙන උඩට නැග්ගා.දන්න කියන ඔක්කොමලා ඉන්නවා, නොදන්න අයත් නැත්තෙමත් නෑ, ඒත් ඒ ගැන අවුලක් හිතන්න දෙයක් නෑ, සෙට් වෙනකොට ඕන එකෙක් ෆිට් වෙනවා.

දැන් බෝතල් ටිකත් ටේබල් එකට ආවා.බ්ලැක් ලේබල් ඉස්සෙල්ලම කැඩුවොත් ඉතින් කට්ටියම දිගට හරහට බීලා දාන නිසා ගෙනාපු Old Arrack බෝතලේ open කලා, එතකොට බ්ලැක් ලේබල් ටික හෙමින්නේ බොන්නේ... පළවෙනි ශොට් එක ජෝජෝට චියර්ස් කියලා කට්ටිය දා ගත්තා...

කට්ටියම දැන් කකා බිබී හොඳට ඩාන්ස් කරනවා.ආයි මොනාද ෆුල් හැපනින්ග්...ඩී… හරියටම රෑ12 ට fireworks පටන් ගත්තා. පට්ට ලස්සනයි... ගල්කිස්සේ බීච් එක අයිනේ තියෙන ඔක්කොම hotels වලින් මේ වගේ fireworks shows organize කරලා තිබුනා.එකකට එකක් දෙවෙනි නෑ. (hotels වල කොහොමත් ඔය වගේ තරඟකාරී වැඩ කරනවනේ, තව hotel එකකට 2nd වෙන්න උන් කොහොමත් කැමති නෑ.) අපිට මොකෝ, අපිටනම් ඔය අහස්කූර උඩ ගියා , පත්තුවුනා, ලස්සන පාට පාට ගින්දර විසික් උනා, ශා...  ලස්සනයි කිවුවා... එච්චරයි....අහස්කූර උඩට යැවුවට පස්සේ මොන hotel එකෙන් යැවුවද කියලා රෑට පේන්නේ නෑ නේ...පී…මොනවා උනත් fireworks show එක  පැය බාගයක් විතර ලස්සනට ගියා...

පාන්දර 1ට 2ට විතර කට්ටියක් ගෙවල් බලා ගියා.ඉතුරු සෙට් එක පල්ලෙහා dance floor එකට ගිහින් හොඳට dance කලා. මුලින් අඳුරන්නේ නැති උනාට පස්සේ කට්ටියම අඳුරගත්තා. අපි ටික පැය එකහමාරක් විතර dance කරන්න ඇති, ඊට පස්සේ ආයිත් අපි සෙට් එක උඩට ගියා.කොහෙන්දෝ මන්දා ආපු !@#$ %^ලා ටිකක් අපේ ටේබල් එකට සෙට් වෙලා. උනුත් බීලා, අපිත් බීලා,  ඔතන දැන් වලියක් ඇදුනොත් හෙන සීන් එකක් යනවනේ. අපි ටික සෙට් උනේ enjoy කරන්න මිසක් අපතයොත් එක්ක වලි දාගෙන ජනවාරි පළවෙනිදා පොලීසි ගානෙ රස්තියාදුවෙන්න නෙමේනේ. Organize කරපු අයට කතා කරලා සීන් එක පැහැදිලි කරලා, අපේ බෝතල් ටික අරගෙන ආයිත් පල්ලෙහා dance floor එකට ඇවිල්ලා ටිකක් වෙලා dance කරලා ජෝජෝගේ ගෙදරට ආවා. එතකොට පාන්දර 3.30 විතර ඇති.

ජෝගෙ ගෙදරට ඇවිල්ලා අපි අපේ house party එක පටන් ගත්තා. බොන සෙට් එක ආයිත් බොන්න පටන් ගත්තා, ඩාන්ස් කරන අය ආයිත් ඩාන්ස් කරන්න පටන් ගත්තා....  ආයිත් ෆුල් හැපනින්ග්...ඩී ( Brand කලවම් වෙලා කට්ටියට හොඳට වැදිලා ).ලොල්

කට්ටියටම දැන් හොඳටම මහන්සි නිසා පාන්දට 5ට විතර ඩිස්මිස් උනා...කට්ටිය ගියාට පස්සේ ජෝ , මම , නවින් ඉතුරු වෙලා තිබුන බ්ලැක් බාගෙට වගකියුවා.ලොල්...  ජෝගෙ ගෙදරට ආපු වෙලාවේ ඉඳලා බ්‍රදර්ව මම දැක්කෙ නෑ... පොඩ්ඩක් එලියට ගිහින් බලද්දී මූ ගෙදර verandah එකේ පෙරේතය පොලේ ගැහුවා වගේ බුදි... මතක් වෙනකොටත් හිනායනව ඕයි...ලොල්

ට්‍රයි කරලා උදේ 8 වෙද්දී ගෙදර එන්න ආවා.. අපේ ගෙදරට එනකොට උදේ 10යි. ඇවිල්ලා ටික වෙලාවකින් මම නිදාගත්තා නැගිටිනකොට හවස 4යි.ලොල්

ඔන්න ඔහොම තමයි කලින් දෙසැම්බර් 31 ට ගෙදරට වෙලා අහස් කූරු පත්තු කරපු මම , මෙදා දෙසැම්බර් 31 රෑ ගතකලේ...

තවත් කියන්න දෙයක් තියෙනවා... සෑම් , ස්ට්ව්, දුශ් උබලා තුන්දෙනා අපිත් එක්ක සෙට් උනානම් පට්ට...අවුලක් නෑ අපි කවදාහරි දවසක සෙට් වෙමු.....  miss u machanlaaa….

සෑම් මට 31 රෑ කෝල් කලා... කොහෙද බං සද්දෙ නිසා මෙලෝ දෙයක් ඇහුනෙ නෑ...පී... අඩෝ ස්ට්ව් මට පහුවෙනිදා කෝල්  කලා  බං...

එහෙනම් හැමෝටම සුභ නව වසරක්...


Sunday, December 25, 2011

Terranova & X-Files


හ්ම්ම්ම්...ගොඩක් දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ.පොඩි මොඩිෆිකේශන් ටිකක් කලා, හොඳයිද කියල බලන්න... මේ දවස් ටිකේම සෑහෙන්න බිසී.ජොබ් එකේ වැඩයි, තව එග්සෑම් එකකුත් සෙට් උනානේ.ඒකයි.

ආ... මේ ලඟකදී ඉඳන් මට T.V. Serice පිස්සුවක් හැදුනා, ඉතින් මම පොඩ්ඩක් ගූගල් දෙයියා අමතලා බැලුවා.මට හම්බුනා ටෙරානෝවා T.V. Serice එකේ season 1 (4.5 GB) එකෙයි X-Files  T.V.  Serice  (55.7 GB)එකේ season 1-9  එකෙයි ටොරන්ට් ෆයිල්ස්. ඉතින් මේ දවස්වල සෑහෙන්න ඩවුන්ලෝඩ් කරනවා...

ලියන්න කියලත් අලුත් දෙයක් ඇත්තෙම නැති තරම්.  ඒ උනත් මොකුත් නොලියත් බෑනේ..

ඒ නිසා කට්ටියටම නත්තල් වලටයි, අලුත් අවුරුද්දටයි ඔන්න තෑගි ගෙනාවා.



ටෙරානෝවා T.V. Serice එකේ ඔක්කොම ටොරන්ට් files ටික මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ටෙරානෝවා අන්තිම episodes දෙකේ ටොරන්ට් file එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

(ටෙරානෝවා අන්තිම episodes දෙක තියෙන්නෙ facebook link  එකක.ඒක ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ IDM (Internet Download Manager)එකෙන්.මම ඔක්කොම links ටික txt file එකක දාලා තියෙන්නේ.)


To download torrent files of all the episodes of the Terranova TV serice click hear.

Torrent file of terranova episode 12 and 13 download from hear.

(Last two episodes of the serice is from a facebook link which have to be downloaded by using Internet Download Manager.text file which contains all the links have been included.)




X-Files  T.V. Serice එකේ ටොරන්ට් file එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

To download torrent file of all the episodes of the  X-Files T.V. Serice click hear.

ඔන්න එහෙනම් කට්ටියටම සාමය සතුට පිරි සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා කියලම යනවා.

X-Files link එක හොයාගත්තේ මෙහෙන්.

Friday, December 2, 2011

ගෙදර එන ගමන්... (on our way home)





කට්ටිය බලනවා ඇති බ්ලොග් එකේ හෙඩිමට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපේ චානුක සහෝදරයා තමයි ඔය දාලා තියෙන බැනර් එක ඩිසයින් කරලා දුන්නේ...තැන්කූ වේවා මචං.

චානුක සහෝදරයාගේ බ්ලොග් එකත් පට්ට... තනිකරම චිත්‍ර විතරයි... ගිහින් බලන්න.

අද කියන්න යන්නේ ඉතින් අපි ට්‍රිප් එක ගිහින් එනගමන් උන සීන් ටික.කියවලාම බලන්න.

Horten Plains යන ගමන් කට්ටියම station එකෙන් අහගෙන ගියා return train එක තියෙන්නේ කීයටද කියලා. Train එක තියෙන්නේ 11. 27 කියලා කියපු නිසා කට්ටියම ෆන් එකේ හිටියා (මොකද උදෙන් නැගිටින්න ඕනේ නෑ නේ). ඔන්න සෑහෙන්න ගේමක් දීලා කට්ටියම ආයෙත් උදේ 7 වෙද්දී නැගිට්ටා, wash room කතාව නම් කලින් දවසේ වගේමයි.පී

ආ කියන්න අමතක උනා... අපේ අයට hot water tap , cool water tap මාරු වෙලා තව පොඩ්ඩෙන් මල කෙලියයි.ලොල්

කැන්ටිමට ගිහින් උදේට කාලා, කට්ටියම වෑන් දෙකකින් ආපහු ඔහිය station එකට ආවා, 10.45 විතර වෙනකොට.ඉතින් කට්ටියම platform එකේ ඉඳගෙන සින්දුවක් එහෙම කියලා ඉන්නකොට ඔන්න පොඩි මැණිකේ (train eka)ආවා.

මෙන්න අපි කියපු සිංදුව...ඩී



ඩිල්ශාන්ට train එකේ හොඳම seat එක හැමපාරම ඕනේ, ඒ seat එකේ වාඩිවෙන්න මූ නොකරන දෙයක් නෑ.පී

අපි ඉතින් මූට එහෙම ඉන්න දීලා, ආතල් එකේ සින්දු කිය කිය ආවා. colombo වලට එනකොට කොහොමත් රෑ වෙන නිසා train එකේදීම රෑට කමු කියලා කතා උනා. අපි ලඟ පාන් එහෙමත් තිබුනා, ඉතින් නාවලපිටිය station එකේ නැවැතුවාම රොඩ්ඩයි තව දෙන්නෙකුයි ගිහින් ජෑම් අරන් ආවා (යෝගට් කප් වල දාලා තියෙන්නේ) , අරන් ඇවිත් seat එක උඩින් තිබ්බා විතරයි, බිලාල් එකක් අරගෙන අපෙන් අහනවා.

බිලාල් - මචං, කෝ spoons නැද්ද ???

අපි - මොකටද බං spoons ???

බිලාල් - spoons නැතුව ice cream කන්නේ කොහොමද බං???

මූ මීට කලින් දැකලා නෑ යෝගට් කප් වල ජෑම් දාලා තියෙනවා.. අපිට ඉතින් හොඳටම හිනා...ලොල්

ඒ අස්සේ සහන් කෑ ගහනවා "අඩෝ මට mix fruit  ඕනේ"...ලොල්

හොඳම සීන් එක තමයි, අපේ රිළවා n සහන් ට පොඩි සුද්දෝ පිස්සුවක් හැදුනා. Train එකට නැගපු වෙලාවේ ඉඳන් මුන් දෙන්නට ඕනේ එහා පෙට්ටිවල ඉන්න සුද්දොන්ව අපේ පෙට්ටියට දාගෙන උන් එක්ක කතා කර කර ඉන්න.පී… කොහොමින් කොහොම හරි වැඩේ දෙල් උනා... රිළවා ගිහින් train එකේ පඩිපෙලේ ඉඳගෙන එහා පෙට්ටියේ ඉන්න couple එකට ටෝක් කරනවා...සහන් ඉතින් විනාඩියක් ගානේ ඇවිත් අපිව update කරනවා...

උනේ මෙන්න මෙහෙමයි...

සහන් - අඩෝ ඒගොල්ලෝ German වලින්.

සහන් - ඒ ගොල්ලෝ docters ලා.

සහන් - ඒ දෙන්නා බැඳලා බං

සහන් - මමයි රිළවායි අපේ පෙට්ටියට එන්න කතා කලා, බෑ කිවුවා බං.

අපි -  හූ හූ හූ හූ හූ හූ හූ හූ..............

සහන් - නෑ නෑ බං, වයිෆ් ටිකක් ලැජ්ජයිලූ.

සහන් - අඩෝ පේරාදෙණියෙන් බහිනවලු බං

කොහොම හරි රිළවා පොල්ගහවෙළින් බහිනකන්ම සුද්දෝ අපේ පෙට්ටියට දාගන්න බැරි උනා...

කොහොම හරි අපි සාමකාමීව තව ටික දුරක් ආවා. ඔන්න එකපාරටම සුද්දියෝ දෙන්නෙක් කඩාගෙන බිඳගෙන අපේ පෙට්ටියට ආවා.

අපි - sorry, this compartment is reserved.

එයාලා - yes we know that, by the way can we please have a seat because we are very tired?

ඉතින් එහෙම ඇහුවාම ආයිත් යන්න කියන්නද???

අපි - ah, ok then have a seat.

එයාලා - oh, thanks a lot guys.

සහන්ටනම් ෆුල් හැපි,රිළවා නැති එකේ තනියෙන් ගේම දෙන්න පුලුවන්නේ...පී ඔන්න ඉතින් හොඳට සින්දු කිය කිය හිටපු කට්ටිය ලොවෙත් නෑ, සිංදු කියවෙන්නෙත් නෑ, ඔන්න ඉතින් රොඩ්ඩා, සහන්, සෑම්  කතාවට සෙට් උනා...අපිට පේනවා රොඩ්ඩා දැන් අත පය වීසි කර කර කතා කරනවා.ලොවෙත් නෑ... එහෙන් මෙහෙන් මට ඇහෙනවා රොඩ්ඩා ඇමරිකාව ගැනයි, එංගලන්තේ ගැනයි කතා කරනවා...

රොඩ්ඩා - where else u two went?

එයාලා - oh, we went to a market, and we saw huge bananas.

කට්ටිය හතර පැත්තට ගිහිල්ල හිනාවෙනවා.ලොල් ... ඇයි උන් දෙන්නා ඉස්සරහා හිනාවෙන්න බෑ නේ...

ඔන්න ඉතින් රාගමින් බහින කොල්ලෙක්ට දොල දුකක් ආවා එයාලත් එක්ක පොටෝ එකක් ගන්න , තටමලා තටමලා කොහොම හරි ඒකත් ගත්තා... බුකියේ ඉන්නවද කියලා අහගෙන request හිටන් දාලා accept කරනකන්ම ඒ පොටෝ එක profile pic දාගෙනත් හිටියා...ලොල්... ඕං එයාගේ සමහර පොටෝ වලට රාගමින් කොමෙන්ට් හිටන් දාලා.ලොල් වෙන කවුරුත් මුකුත් කියල නැති නිසා අපේ කොල්ලට සප් එකට මම ඒකට like එකක් දැම්මා.


ඔන්න ඉඳලා ඉඳලා තව කොල්ලෙක් එතෙන්ට ආවා විතරයි, රොඩ්ඩට තිබුන ප්ලේස් එකට කෙලවුනා.පී, කොටින්ම කියුවොත් ඌට නිදිමත හැදුනා...ලොල් අලුතින් ආපු එකා euro cup එකෙන් පටන් අරගෙන ඉවර කලේ හින්දි සිනමාවෙන්...ලොවෙත් නෑ...

කොහොමින් කොහොම හරි රෑ 8 විතර වෙද්දී කොටුව station එකට ආවා, කට්ටියටම සමු දීලා අපි රෑ 10 විතර වෙද්දී ගෙවල් වලටත් ගියා.

රොඩ්ඩා, සහන්, සෑම් බුකියේ message එකක් open කරලා සුද්දියෝ දෙන්නව හොයන්න, 3 දෙනා එක එක ජාතියේ links පෝස්ට් කලා කියල තමයි ආරංචි උනේ...ලොල්

Horten plains කියන්නේ යන්න පට්ටම ප්ලේස් එකක්. දැන් පහසුකම් එහෙමත් ගොඩාක් හොඳයි. කට්ටියට බලාගන්නත් එක්ක මම පොටෝ ටිකක් දාන්නම්.

මීදුම



ඩොමෑට්ට්‍රි එක




සිග්නල් සෙවීම (එහෙට සිග්නල් ඇත්තෙම නැති තරම්, විදුලියත් එසේමයි... ලොවෙත් නෑ)


අපි ඉතින් කරදරයක් නැතුවම ට්‍රිප් එක ගිහින් ආවා , ආයිත් ට්‍රිප් එකක් ගියාට පස්සේ මේ වගේම පෝස්ට් එකක් ලියන්නම්කෝ...