මේකත් ඔබලම යන්න...

Tuesday, February 7, 2012

එක බංකුවේ ඉඳගෙන හිටපු එවුන්...



කලින් ලියලා තිබුන පෝස්ට් එක රීසයිකල් බින් එකට දාලා තමයි මේ පෝස්ට් එක ලියන්නේ. මේක මම ටික කාලෙක ඉඳන් ලියන්න හිටපු එකක්, ටිකෙන් ටික වැඩේ පස්සට ගියා, ඒත් අද උදේ ජෝ කතා කරල “මචං, මම යනව” කියපු වෙලාවෙ ඉඳලා මට හිතුනා අද තමයි මේ පෝස්ට් එක ලියන්න හොඳම දවස කියලා, ඒකයි online exam කට උඩ තියාගෙනත් මේ පෝස්ට් එක ලියන්නේ.

ඉස්කෝලෙ එක බංකුවෙ ඉඳගෙන හිටපු කට්ටිය තමයි මම, සමීර, අනුජ,ස්ටීවන්.දුශ් අපිත් එක්ක හිටියේ orientation එකේදී විතරයි, ඒ උනත් අපේ හැම සීන් එකටම මූත් සෙට් උනා.තව එකෙක් හිටියා ඒත් ඌ ගැන කතා කරන්න මම කැමති නෑ.

ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ අපි සෙට් එක වැඩිපුර සෙට් වෙන්න බැරි උනා, ඒ උනාට අපි නිතරම කෝල් කලා...

කොහොමින් කොහොම හරි අපි සෙට් එකේ කට්ටියට රට යන්න සෙට් උනා,ඔන්න ඉතින් ඉස්සෙල්ලම අනූජ (ජෝජෝ) ට තමයි ටිකට් එක සෙට් උනේ. ජෝ පවුල පිටින්ම ඔසී ගියා.

ස්ටීව් එංගලන්තේ ගියා....

සෑම් මේ ලඟදී ඇමරිකා ගියා...

අපි සෙට් එකෙන් ලංකාවෙ ඉතුරු උනේ මමයි,දුශ් විතරයි.අපි දෙන්නටත් නිතරම සෙට් වෙන්න බැරි උනේ දුශ්  ඒ දවස්වල ගැනු ළමයෙක් එක්ක හිටපු නිසා... දැන් ඒවා මුකුත් නැති නිසා සෙට් වෙන්න කිසිම අවුලක් නෑ... නේද මචං???

කට්ටිය රට ගියාට පස්සේ ගොඩක් වෙලාවට අපි ස්කයිප් එකේ සෙට් උනා...ෆුල් ෆන් බංකුවේ එක පෝලිමට ඉඳගෙන ඉන්නව වගේ...

ජෝ ලංකාවට ආවේ ගිය දෙසැම්බර් 26 අද තමයි පොර ආයිත් යන්නේ, මූ ලංකාවෙ ඉන්න කොට මේ මුලු අවුරුද්දටම හරියන්න පිස්සු කෙලියා... ගිය ඉරිදා ෆයිනල් පාටි එකත් මැක්සා විදියට ගියා...

මචං ජෝ උබ මට සහෝදරයෙක් වගේ බං. නෑ සහෝදරයෙක් තමයි බං...ඒක හින්දා වෙන්න ඇති අද උදේ උබ මට කතා කරලා “මචං, මම යනව” කියලා, කියපු වෙලාවෙ මට කතා කරගන්න බැරි උනේ...මට උබේ වොයිස් එකෙන් තේරුනා උබටත් අවුල් කියලා...

බොක්කෙන්ම කියන්නෙ මචං මගෙ ඇස් වලට කඳුලු ආව බං... මචං , මම ට්‍රයි කරපු ගෑණු ළමයා මට කැමති නෑ කිවුව දවසෙදීවත් මට මෙච්චර දුකක් හිතුනෙ නෑ බං.

මේ පොස්ට් එක පොස්ට් වෙනකොට උබ ෆ්ලයි කරන ගමන්... Have a safe flight brother…

ආරංචි හැටියට නම් මේ දෙසැම්බර් වලට ජෝ, ස්ටීව් , සෑම් මෙහේ එනවලු... ආයිත් ලොවෙත් නැති විදියට 2013 සමරමු මචංලා...

Saturday, January 7, 2012

31 රෑ



අළුත් අවුරුද්දේ පළවෙනි පොස්ට් එක.පහුගිය දවස් ටිකේම වෙඩින් වලටයි හෝම් කමින් වලටයි සෙට් වෙලා හිටියා.කොහේගියත් ඉතින් අපේ කොල්ලො ටික සෙට් වෙනවනේ.ඉතින් කොල්ලො ටික මේ දවස් ටිකේම Teacher’s brandy, Red Label, Black Label සහ තවත් මොකද්ද මන්දා විස්කි එකකයි රස බල බල හිටියේ. බීල බීලා මගේ ලිවර් එක තියෙනවද දන්නෙත් නෑ....ලොල්.

ඒක එතනින් නැවතුනේ නෑ, මගේ ඉස්කෝලේ කාලේ හොඳම යාලුවෙක් වෙන ජෝජෝ මේ දවස් ටිකේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා, පොර ඉතින් මට ඉන්වයිට් කොලා 31 රෑ ගල්කිස්සේ Beach House එකේ තියෙන Beach party එකට සෙට් වෙන්න කියලා, මම ඉතින් ඕවා අතාරින ජාතියේ එකෙක් නෙමේ...ඩී… අනික ජෝජෝ එන්න කියුවාම නොගිහින් ඉන්න ජාතියෙ එකෙකුත් නෙමේ, අනික ඌ මගේ සහොදරයෙක් වගේ කොල්ලෙක්.

31 උදේ ජෝ කතා කරල කියුවා අපේ  බ්‍රදර් වත් එක්කගෙන වරෙන් කියලා, ඉතින් මමයි ඌයි හවස 6 විතර වෙනකොට ජෝලගේ ගෙදරට ගියා.මුන් එහෙත් Old Arrack එකක් ගෙනත් සෙට් වෙලා ආයිත් මොනාද මමත් ඉතින් චුට්ටක් දා ගත්තා.ලොල් (හොඳ චුට්ට )

තවත් කොල්ලෙක් අපි එක්ක සෙට් වෙලා හිටියා, ඌ තමයි නවීන්.ඌ විතරක් නෙමෙයි D.Kත් හිටියා.අපි සෙට් වෙලා ඉන්න ගමන් තමයි දැන ගත්තේ නවීන් වැඩ කරන්නේ එටිසලාට් එකේ කියලා.කොහොමින් කොහොම හරි මගේ පරණ ගෑනු ළමයවත් මිනිහ දන්නවා.පරණ දේවල් මතක් කරගන්නේ මොකටද කියලා මම ඔන්න ඔහේ හිටියා. අනික ඉතින් චුට්ටක් දා ගෙන නේ ඉන්නේ, ඉතින් ඒක නිසා ඔන්න ඔහේ හිටියා.

ඒ බොතලේ ඉවර උනාට පස්සේ ඉතින් ඔන්න කට්ටිය යන්න ලෑස්ති උනා, ජෝ කෑල්ලව අරන් එන්න ගියා, D.Kත් ගෙදර ගිහින් එන්නම් කියල ගියා. ගල්කිස්සට ගියාට පස්සේ මටයි  නවියටයි  බ්‍රදර්ටයි දැන් පට්ට බඩගිනී.අපි 3දෙනා තෝසේ කඩයක් අල්ලලා බිත්තර රොටි පාරක් එහෙම දාලා Beach House එකට යන්න සෙට් උනා.

3දෙනා කතාවක් දාගෙන ගල්කිස්ස ස්ලීක් සැලූන් එක ලඟ පාරෙන් බීච් එකට ගියා, ඒ පාරෙ අන්තිමට වෙන්න තමයි Berjaya Hotel එකත් තියෙන්නේ. ඔන්න ඉතිං ඔතනදීම මගේ පරණ ගෑනු ළමයා එනවා එයාගේ අලුත් බෝයියත් එක්ක.ලොල්… මරු නාට්ටිය නේද? එයා මාව දැකපු ගමන් හායී..!!! කියපු නිසා මමත් එයත් එක්ක පොඩ්ඩක් කතා කලා, මොකද  අළුත් අවුරුද්දක් ලබන වෙලාවේ පොඩි හරි තරහක් හිතේ තියෙනවනම් මගඇරිලා යයිනේ...

ඒක තමයි මාත් එක්ක යාළු වෙලා හිටපු ගෑනු ළමයෙක් , එයාගේ අළුත් පාට්නර් එක්ක මගේ ඉස්සරහට හම්බුවුන දෙවෙනි වතාව.දැන් ඔය ඉලවු සීන් පැත්තකින් තියමුකෝ...

කට්ටියම දැන් Beach House එකේ entrence එකට ටිකට් පෙන්නලා සීල් තියාගෙන,( සීල් කියුවේ, අර ඇතුලට යනකොට ලීගල් විදියට තමයි ආවේ කියල හොයාගන්න දාන ටැග් එකට හොඳේ...  වෙන මුකුත් එහෙම සීල් තිබ්බෙ නෑ...ලොල්) ඇතුලට ගියා.

ඒක නම් පට්ටයි ආ... එක පැත්තක ෆ්‍රී කොක්ටේල් දෙනවා...තවත් පැත්තක DJ එක නැගලා යනවා... ආයි ලොවෙත් නෑ...කට්ටියම හොල්මන් වෙලා වටපිට බලද්දී තමයි දැක්කේ ජෝජෝ ඇන්ඩ් අනික් සෙට් එක උඩ බැල්කනි එකේ ඉන්නවා.සෑහෙන්න ගේමක් දීලා පඩිපල හොයාගෙන උඩට නැග්ගා.දන්න කියන ඔක්කොමලා ඉන්නවා, නොදන්න අයත් නැත්තෙමත් නෑ, ඒත් ඒ ගැන අවුලක් හිතන්න දෙයක් නෑ, සෙට් වෙනකොට ඕන එකෙක් ෆිට් වෙනවා.

දැන් බෝතල් ටිකත් ටේබල් එකට ආවා.බ්ලැක් ලේබල් ඉස්සෙල්ලම කැඩුවොත් ඉතින් කට්ටියම දිගට හරහට බීලා දාන නිසා ගෙනාපු Old Arrack බෝතලේ open කලා, එතකොට බ්ලැක් ලේබල් ටික හෙමින්නේ බොන්නේ... පළවෙනි ශොට් එක ජෝජෝට චියර්ස් කියලා කට්ටිය දා ගත්තා...

කට්ටියම දැන් කකා බිබී හොඳට ඩාන්ස් කරනවා.ආයි මොනාද ෆුල් හැපනින්ග්...ඩී… හරියටම රෑ12 ට fireworks පටන් ගත්තා. පට්ට ලස්සනයි... ගල්කිස්සේ බීච් එක අයිනේ තියෙන ඔක්කොම hotels වලින් මේ වගේ fireworks shows organize කරලා තිබුනා.එකකට එකක් දෙවෙනි නෑ. (hotels වල කොහොමත් ඔය වගේ තරඟකාරී වැඩ කරනවනේ, තව hotel එකකට 2nd වෙන්න උන් කොහොමත් කැමති නෑ.) අපිට මොකෝ, අපිටනම් ඔය අහස්කූර උඩ ගියා , පත්තුවුනා, ලස්සන පාට පාට ගින්දර විසික් උනා, ශා...  ලස්සනයි කිවුවා... එච්චරයි....අහස්කූර උඩට යැවුවට පස්සේ මොන hotel එකෙන් යැවුවද කියලා රෑට පේන්නේ නෑ නේ...පී…මොනවා උනත් fireworks show එක  පැය බාගයක් විතර ලස්සනට ගියා...

පාන්දර 1ට 2ට විතර කට්ටියක් ගෙවල් බලා ගියා.ඉතුරු සෙට් එක පල්ලෙහා dance floor එකට ගිහින් හොඳට dance කලා. මුලින් අඳුරන්නේ නැති උනාට පස්සේ කට්ටියම අඳුරගත්තා. අපි ටික පැය එකහමාරක් විතර dance කරන්න ඇති, ඊට පස්සේ ආයිත් අපි සෙට් එක උඩට ගියා.කොහෙන්දෝ මන්දා ආපු !@#$ %^ලා ටිකක් අපේ ටේබල් එකට සෙට් වෙලා. උනුත් බීලා, අපිත් බීලා,  ඔතන දැන් වලියක් ඇදුනොත් හෙන සීන් එකක් යනවනේ. අපි ටික සෙට් උනේ enjoy කරන්න මිසක් අපතයොත් එක්ක වලි දාගෙන ජනවාරි පළවෙනිදා පොලීසි ගානෙ රස්තියාදුවෙන්න නෙමේනේ. Organize කරපු අයට කතා කරලා සීන් එක පැහැදිලි කරලා, අපේ බෝතල් ටික අරගෙන ආයිත් පල්ලෙහා dance floor එකට ඇවිල්ලා ටිකක් වෙලා dance කරලා ජෝජෝගේ ගෙදරට ආවා. එතකොට පාන්දර 3.30 විතර ඇති.

ජෝගෙ ගෙදරට ඇවිල්ලා අපි අපේ house party එක පටන් ගත්තා. බොන සෙට් එක ආයිත් බොන්න පටන් ගත්තා, ඩාන්ස් කරන අය ආයිත් ඩාන්ස් කරන්න පටන් ගත්තා....  ආයිත් ෆුල් හැපනින්ග්...ඩී ( Brand කලවම් වෙලා කට්ටියට හොඳට වැදිලා ).ලොල්

කට්ටියටම දැන් හොඳටම මහන්සි නිසා පාන්දට 5ට විතර ඩිස්මිස් උනා...කට්ටිය ගියාට පස්සේ ජෝ , මම , නවින් ඉතුරු වෙලා තිබුන බ්ලැක් බාගෙට වගකියුවා.ලොල්...  ජෝගෙ ගෙදරට ආපු වෙලාවේ ඉඳලා බ්‍රදර්ව මම දැක්කෙ නෑ... පොඩ්ඩක් එලියට ගිහින් බලද්දී මූ ගෙදර verandah එකේ පෙරේතය පොලේ ගැහුවා වගේ බුදි... මතක් වෙනකොටත් හිනායනව ඕයි...ලොල්

ට්‍රයි කරලා උදේ 8 වෙද්දී ගෙදර එන්න ආවා.. අපේ ගෙදරට එනකොට උදේ 10යි. ඇවිල්ලා ටික වෙලාවකින් මම නිදාගත්තා නැගිටිනකොට හවස 4යි.ලොල්

ඔන්න ඔහොම තමයි කලින් දෙසැම්බර් 31 ට ගෙදරට වෙලා අහස් කූරු පත්තු කරපු මම , මෙදා දෙසැම්බර් 31 රෑ ගතකලේ...

තවත් කියන්න දෙයක් තියෙනවා... සෑම් , ස්ට්ව්, දුශ් උබලා තුන්දෙනා අපිත් එක්ක සෙට් උනානම් පට්ට...අවුලක් නෑ අපි කවදාහරි දවසක සෙට් වෙමු.....  miss u machanlaaa….

සෑම් මට 31 රෑ කෝල් කලා... කොහෙද බං සද්දෙ නිසා මෙලෝ දෙයක් ඇහුනෙ නෑ...පී... අඩෝ ස්ට්ව් මට පහුවෙනිදා කෝල්  කලා  බං...

එහෙනම් හැමෝටම සුභ නව වසරක්...