මේකත් ඔබලම යන්න...

Sunday, September 2, 2012

දිස් . දිස් ප(ර්)සන් / This . This person




හා කොහොමද?? ගොඩක් දවසකට පස්සේ, පහුගිය දවස් ටිකේම exams වගයක් තිබුනා, ඒකයි මේ පැත්තේ එන්න බැරිඋනේ... ඔන්න අද තමයි exams ඉවර උනේ, ආයි සති ගානකට නෑ...

අද exam ඉවරවෙලා ගෙදර එනකොට තමයි මට මේක  මතක් උනේ. මේ සිද්දිය උනේ ගිය අවුරුද්දේ අපේ Research Prototype Presentation එකේදී. ඔන්න ඔය Reaserch එකේදිම final presentation එකේදි උන දොර ඇරපු සීන් එක කියෙවුවෙ නැත්නම් ගිහින් කියවල එන්න.

හරි දැන් ආපහු කතාවට.

සාමාන්‍යයෙන් research එකක prototype presentation එක වෙද්දී 90% වත් complete වෙලා තියෙන්න ඕනේ. කියන්නේ, බලන්න එන supervisor පෙන්නන්න output එකක් තියෙන්නම ඕනේ. නමුත් ඔය කියන කාලෙ වෙනකොට අපේ research එකේ complete වෙලා තිබුනේ 60% විතර තමයි.අපි හදපු mobile application එකේ තිබුන compatible issues වගයක් නිසා, අපිට පෙන්නන්න හරිහමන් output එකක් තිබුනේ නෑ. ඉතින් එහෙමයි කියලා,අපිට prototype presentation නොකර ඉන්නත් බෑනේ. කොහොමහරි හිත හදාගෙන, අපි presentation එකට යන්න රෙඩි උනා.

presentation එකට  කළින් Group එකේ ඉන්න ගෑනු ළමයි දෙන්නා A4 sheets 5ක විතර හෙන ස්ටෝරියක් පාඩම් කරනවා,( ගෑනු ළමයි  කොහොමත් එහෙමනේ...පී) මමයි අනික් දෙන්නයි නම් Project එක error Free කරන්න බලනවා. ඒ අස්සේ බඩා (කතාවට අදාල පුද්ගලයා) ත් කවදාවත් නැතුව මොනාදෝ පාඩම් කරනවා.

මම - මොකෝ බං මේ, කවදාවත් නැතුව මොනාද පාඩම් කරන්නේ???

බඩා - නෑ බං, පොඩ්ඩක් බලා ගත්තා, supervisor ඉස්සරහ අනාගන්න බෑ නේ.

Group Leader - එල එල උබ හොඳට බලගනින්.ඌට පාඩම් කරන්න දීල උබ පොඩ්ඩක් මේ presentation slides ටික හදපං.

මමත් ඉතිං ඌට බලගන්න දීල slides ටික හදල ඉවර කලා.

ඔන්න දැන් presentation එක කරන්න පටන් ගත්තා.( හිනාවෙලා හිටියට මොකද?, කට්ටියගෙම හිතේ පොඩි බයක් තිබුනා.) සුපුරුදු විදියටම බොහොම ලස්සනට කට්ටියම presentation එක කරගෙන යනවා.(ආසාවේ බෑ) මට දීල තිබුනේ conclution එක කරන්න, මට කලින් ඉන්නේ බඩා, දැන් බඩා  presentation එකේ උගේ ටික explain කරල ඉවරයි,දැන් මට presentation එක handover කරන්න තමයි තියෙන්නේ.

සාමාන්‍යයෙන් presentation එක hand over කරන්නේ ,

“I would like to invite my colleague to continue the rest of the presentation”

“Now I will hand over the presentation to my friend”

ඔන්න ඔය වගේ එකක් කියලා.

බඩා - මගේ දිහා බලන ගමන් , “Now I will hand over the presentation to This.This person, Thank You”

මට එකපාරටම හිනා යන්න ආවත් , presentation එක මැද්දේ හිනාවෙන්න බැරිනිසා, හිනාව තද කරගෙන presentation එකේ ඉතුරුටික කරගෙන ගියා.

එළියට ආවට පස්සේ...

Group Leader - ඒ... බඩා, මොකද්ද බං උබ අර කියපු This .This person කතාව???

බඩා - අඩෝ නෑ බං, මම slides වල කියන්න තිබුන ඒව පාඩම් කලාට, hand over කරන විදිය පාඩම් කරන්න බැරිඋනා නේ බං.මට this කියද්දී එකපාරටම මතක් උනේ ඊයෙ Lab එකේ කරපු Java Application එකේ This .This කෑල්ල,ඉතිං මම ඒක එහෙම්ම කියල දැම්ම බං.

මූ මෙහෙම කියනකොට, එතන හිටප හැම එකාම බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා, මොකද ඔය වගේ presentations වලදී මේ වගේ විදිලි කවුරුත් විදින්නේ නැති නිසා.

බැච් එකේ හැමෝම වගෙ එදා ඉඳන් බඩාව බයිට් කරන්නේ ඔය කතාව කියලා. ඔන්න මම අදත් උබව බයිට් කොලා... පී

තව මේ වගේ පොඩි පොඩි පිස්සු ආතල් ගොඩාක් තියෙනවා, හෙමින් සැරේ එක එක කියන්නම්කෝ...

Thursday, August 9, 2012

නුදුටු සොයුරිය...!!!




කෙසේ සිතන්නද,
ඔබ හැරගිය බව,
කඳුළ ඉතිරිකර,
මතකය අමතක කර...

නුදුටුවත් ඔබව කිසිදා,
සිහිනෙන් දකිමි සැමදා,
ආදරය රැගෙන,
යළිත් එන්න මතුදා...




Thursday, July 19, 2012

අවුරුද්දයි...!!!




Posts – 20    (මේ  21)

Comments - 131

Page Views - 2652


ඔන්න Blog එක පටන් අරගෙන අවුරුද්දකුත් උනා... මතකනේ ගිය අවුරුද්දේ මම ලියපු පළවෙනි එක???


අනිත් Blogs එක්ක බලද්දී , ඒවට වඩා මේකේ Page Views, Comments, Posts ගොඩක් අඩුයි.

ගොඩක් දෙනෙක් මට කියපු දෙයක් තමයි "අපිට දිගටම කියවන්න මොනව හරි ලියන්න". නමුත් මට තියෙන වැඩත් එක්ක ටිකක් අතපසු වෙනව තමයි, ඒත් මම ලියන එක නවත්තල නෑ...

මම අද වැඩිය ලියන්නෙ නෑ

මට ඕන උනේ මෙතෙක් කල් මගෙත් එක්ක අදහස් බෙදා ගත්ත ඔයලට ස්තූති කරන්න.ඉස්සරහටත්  මගෙත් එක්ක ඉන්න කියන්න.

එහෙනම්, ඔබට ජය...!!!

මාටියා...

පිංතූරය ගත්තේ -  http://keyboardrequired.blogspot.com/2012/03/1-year-later.html

Sunday, July 15, 2012

Brown උඹ...!!!



 උඹව අපේ ගෙදරට ගෙනාවේ 2000 අවුරුද්දේ, එතකොට මම 6 පන්තියේ.

මට තාම මතකයි උඹව මම ඔඩොක්කුවෙ තියාගෙන අපේ ගෙදරට අරගෙන ආපු හැටි, ඒකාලෙ උඹ පොඩි එකා, මගේ කකුල් දෙක වටේ කැරකි කැරකි උඹ මාත් එක්ක සෙල්ලම් කරපු හැටි තාම මතකයි.

මතකද? උඹ අපිත් එක්ක මාතර ගියා?, උඹ අපේ Double Cab එකේ පිටිපස්සෙ වාඩිවෙලා ආතල් එකේ ගියපු හැටි, බේරුවල Beachඑකේ සෙල්ලම් කරපු හැටි...

ඇත්තටම උබ අපේ ගෙදරට හොඳ ආරක්ශකයෙක් උනා...

එක අලුත් අවුරුද්දක, රතින්ඤා පත්තු කරනකොට මගේ කකුල් දෙක ගාවට වැටුන රතින්ඤා කරල කටින් අරගෙන වීසි කරන්න තරම් උඹ නිර්භීත උනා...

උබ අපේ ගෙදර 5 වෙනි සාමාජිකය උනා කියුවොත් මම හරි,

ඔහොම හෙමිහිට අවුරුදු 12.5 ම ගෙවිල ගියා, මේ අවුරුද්දේ මුල ඉඳලම මට තේරුනා උබ ටික ටික දුර්වල වෙනවා කියලා,

ඔහොම ඉඳලා පහුගිය සතියෙ උඹට ටිකක් අමාරුයි කියල තේරුනා, ගිය සෙනසුරදා (7) උඹේ අන්තිම දවසේ උදේ මම උඹේ ඔලුව අත ගාල, ඉක්මනට සනීප වෙයං කියල Lecturs ගියා.

හවස 4.304මල්ලි කතා කරල කියුවා"අයියේ... Brown මැරුණා"...

“මිනිසාගේ ළඟම මිතුරා සුනඛයාය” , යන කියමනට උඹ සාධාරණය ඉශ්ඨ කළා...


අදට උබ ගිහින් දවස් 8, තාමත් මිදුලට ගියාම උබ අපේ ළඟ ඉන්නව වගේ දැනෙනවා...

තව මාසෙකින් නැත්නම් දෙකකින් අපේ ගෙදරට තව එකෙක්ව අරන් එයි,

ඒත් උඹ නැති අඩුව පුරවන්න ඌට බැරිවෙයි...

මම මේ ලියපු ඒවා වල කිසිම සම්බන්දයක් නම් නැතුව ඇති, හිතට එන දේ ලියුවා...


මේ ගැන ලියන්න මාව උනන්දු කරපු LoLdY  DoLL ට  Thanx.

Friday, May 25, 2012

මටත් එකෙක් අරන් එන්න...




අද කියන්න යන්නේ මට උන සීන් එකක් නම් නෙමේ... මමත් එතන ඉන්නකොට උන සීන් එකක්. හැබැයි මේ සීන් එක උනේ කෙල්ලෙක්ට, නම දාන එක හරි නැති නිසා මෙයාට මම "ලී" කියල කියන්නම්.

මේ සීන් එක උනේ, මට මතක විදියට අපි සෙට් එක 1st year ඉන්න කාලේ. දවස් වල අපි කට්ටියටම ලොකූ Cricket  පිස්සුවක් තිබුනා. සෑහෙන්න Plan කරලා Lecturs නැති දවසක Cricket Match එකක් ගහන්න Decide කරගත්තා. අපි සෙට් එක පස් මහ බැලුම් බලලා Parliament Grounds යනකොට එදා පාර වහලා... එදා පාර්ලිමේන්තුව රැස් වෙන දවසක්ලූ...

මොනා කොරන්නද? අපි සෙට් එකම ආයිත් හැරිලා එනකොට අපේ රෙඩ් කියුවා

“මචං මේ ලඟ තව Ground එකක් තියෙනවා, ආපු එකේ ඒකට ගිහින් බලමුද???” කියලා..

ආයි ඉක්මනට ගෙදර යන්නත් බැරි නිසා අපි සෙට් එකම හා කියලා යන්න පටන් ගත්තා, පොර කියුවේ "මේ ලඟ තියෙන්නේ" කියලා. බලනකොට 3KM විතර ඇවිදින්නත් තිබුනා.

මුල ටික ඇවිදගෙන, අන්තිම ටික බඩ ගා ගෙන ඔන්න අපි පොට් එකට ආවා.

අපිට Ground එකක් පේන්නේ නෑ, බස් තොගයක් නවත්තල තියනව නම් පේනවා,

අපි - කෝ බං Ground එක???

රෙඩ් - ඉස්සරහ තියෙන්නේ Bus Park එක, Ground එක තියෙන්නේ පිටිපස්සේ, වරෙල්ලා යන්න.

ඔහොම කියලා මූ අපිව බස් මැද්දෙන් එක්කගෙන ගියා, ඒක Ground එකකට වඩා කාන්තාරෙකට සමානයි, එක තණකොල ගහක්  පේන්න වත් නෑ. හදිස්සියෙවත් වැටුනොත් අතේ පයේ ලෙලිත් නෑ..

පට්ට අවුවකුත් තියෙනවා, ඈත කොනේ පොඩී කැලෑවක් වගේ තියෙනව දැකලා කට්ටියම එතෙන්ට ගියා.

එතනනම් පට්ට ප්ලේස් එක. ඔහොම ඉන්නකොට මටයි තව එකෙකුටයි පට්ටම චූ බරක් හැදිලා තිබුනේ.

අපි දෙන්න කතා උනා කැලේට ගිහින් බර සැහැල්ලු කරගන්නගෑනු ළමයි ඉන්න නිසා එක පාරටම "අඩෝ... අපි චූ කරන්න යනවා" කියන්න බැරි නිසා අපි මෙහෙම කියුවා...

අපි - අඩෝ... අපි හාවෙක් අල්ලන්න යනවා...

ලී - මටත් එකෙක් අරන් එන්න...

ඉතින්, අපේ රහස් වචනේ තේරුම කියල දුන්නට පස්සේ එයා බයිට් උන තරම කියන්න ඕනෙ නෑ නේ...ලොල්

Thursday, May 17, 2012

තවත් එක කවියක්...





ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා.මුකුත් ලියන්න බැරි උනේ හරි හමන් කතාවක් මතක් උනේ නැති නිසා, වැඩ ඇරිලා බස් එකේ ඊයෙ ගෙදර එනකොට තමයි මේ කතාව මතක් උනේ.

මේ සීන් එක උනේ මේ මට, මම 6 පන්තියෙ ඉන්නකොට.

මම ඉගෙන ගන්න සෑහෙන්න දක්ශ නිසාත්, මගේ ඉගෙනීමේ හැකියාවන් තවත් වර්ධනය කරගනු පිනිසත්, අම්මයි තාත්තයි මාව බොරලැස්ගමුවේ තියෙන අමතර පන්තියකට දැම්මා. ඉතිං එදායින් පස්සේ මේ පොඩි මාටියගෙ නිදහස යම්තාක් දුරකට සීමා උනා කියුවොත් හරි.මට මතක  විදියට මම ගියේ Maths ක්ලාස් එකකට. (මම කාලෙත් දැන් වගේම ගනන් වලට සෑහෙන්න දක්ශයිනේ.. ලොල්) අනේ ඉතිං මේ පංතිය ඉස්කෝලෙ පංතිය වගේ නෙමේනේ... මම මොකෙක්වත් අඳුරන්නේ නෑ.මටත් ඉතින් සෑහෙන්න පාලුයි. කාලෙ ඉතිං දැන් කාලෙ වගේ දකින දකින කෙල්ලො දිහා හැරි හැරී බලන්න තරම් කුපාඩි හිතක් තිබුනෙ නෑ නේ...ලොල්. 

පංතිය තිබුනේ වෙළක් ළඟ, මම හැමදාම කොහොම හරි අල්ලගන්නේ වෙළ පැත්තේ තියෙන බංකුවක පොට් එකක්, ඒ වෙළේ හුළං පාරට පුදුම සනීපෙට නින්ද යනවා.ඔහොම ටික දවසක් ඉන්න කොට මට අලුත්  වැඩක් සෙට් උනා, මොකද්ද දන්නවද?  රත්මලාන Air port එකට Land කරන Planes ගනන් කරන එක. ඒ ඔක්කොම Planes බොරලැස්ගමුව හරියෙන් පාත් කරගෙන යන්නේ, ඉතිං උඩ පැන්නාම Plane එක අල්ලන්න පුලුවන්  (පොඩි කාලෙ හිතුවෙ එහෙමයි )

දැන් ඉතින් පොඩි එකා සෑහෙන්න ආසාවෙන් පංති යනවා. ඇයි? හැමදාම Planes ගනන් කරන්න පුළුවන්නේ...ලොල්, හමදාම හවසට අම්මා මාව එක්ක යන්න ආපුවාම අහන්නේ,

අම්මා - පුතා අද ගනන් හැදුවද?

මම - අද Planes 12 ගියා.

අම්මා - මෙයා Class යන්නෙ ගනන් හදන්න නෙමේ , Planes ගනන් කරන්න ( නපුරු මූන )

අම්ම දන්නෙ නෑ නේ 1 - 12 ට ගනන් කරන්න පැය කීයක් උඩ බලාගෙන ඉන්න ඕනෙද කියලා...

ඔහොම ඉතිං ටික දවසක් Class යනකොට එකා දෙන්නා ෆිට් උනා...Teacher හැමදාම Homework  බලනවා Class එක පටන් ගන්න කලින්. Class එකේ 100 විතර ඉන්නවනේ, ඉතිං 10 දෙනෙක්ගේ පොත් බලනකොට ඉතුරු 90 දෙනාම කතා කර කර ඉන්නවා. ඕක නවත්තන්න Teacher කියුවා , කතා කරල අහුවෙන කෙනා Class එක ඉස්සරහට ඇවිදින් කවියක් කියන්න ඕනෙ කියලා,( කවද කියපු කවිද කොල්ලෝ කියුවලු...ලොල්)

ඔන්න ඉතින් පළවෙනි සති දෙක තුන බොහොම අමාරුවෙන් කට වහගෙන හිටියා. ටික දවසක් ගියාට පස්සෙ වැඩේ ශේප්. හොඳට කට වහගෙන ඉන්න පුලුවන්. ( කතා කරන එකාව අල්ලන්න එක්කෙනෙක්ට එන්න කියනවා, එකෙක් ව ඇල්ලුවම නැගිටල ඉන්න එකාට ඉඳගන්න පුළුවන් ).

මට නම් ඉතිං ගානක් නෑ, මොකෝ මම වැඩිය කතා කරන්නෙ නෑ නේ. මම ඉතිං අනික් එවුන් කියන කවි අහගෙන ඉන්නවා. දවසක් දා මම Home work කරන්නේ නැතුව ගියා, කරුමෙට මම ටිකක් පරක්කු වෙලා ගියේ. මම යනකොට Class එකේ මැද හරියේ ඉන්න එවුන්ගේ තමයි පොත් බලන්නේ, ඒ කියන්නේ මම පිටි පස්සෙන් ඉඳගත්තට මගෙ පොතත් අද බලනව වගේ සීන් එකක් යන්නේ. බල බල ඉන්න දෙයක් නෑ, ඉක්මනට ගනන් 5ක් වත් හදාගෙන ඉතුරු ඒව ටික තේරෙන්නේ නෑ කියල පොත පෙන්නල වැඩේ ශේප් කරගන්න ඕනේ... පෑන ගන්න බලනකොට බෑග් එකේ පෑන නෑ...මලා... මට අද මොකද්ද වෙන්න යන්නේ...එහෙන් Teacher පොත් බලනවා, අනික් පැත්තෙන් තව එකෙක් කතා කරන එවුන්ව අල්ලන්න බලාගෙන ඉන්නවා...

මම බංකුවේ එක කොනක, අනික් එකා ඉන්නේ එහා කොනේ... එහා පැත්තේ එකා මගේ පැත්ත බලනකම් ඉඳලා මම ශේප් එකේ පෑනක් ඉල්ලුවා...

මගේ කරුමෙටම අර කතා කරන එවුන්ව අල්ලන්න දාල හිටපු එකා මාව දැක්කා... මොනා කරන්නද ? දැන් Stage එක උඩට ගිහින් කියපංකො කවි, කවදා කියපු කවිද? ගනන් හැදුවෙ නෑ කියලා නෝන්ඩි උනා නම් ඊට වඩා හොඳයි කියල හිතුනා.

මාව අල්ලගත්තු එකා දිහා රවල බලලා මමත් දැන් Stage එකට නැග්ගා. ඩිම් උන පාරට මට කවි මතක් වෙන්නෙත් නෑ...මම දැන් අත් දෙක පිටිපස්සට කරගෙන Fan එක දිහා බලන් ඉන්නවා, Teacher ඇතුළු Class එකේ සියළු දෙනාම මගේ දිහා බලන් ඉන්නවා.

Teacher - කෝ ??? තමුන්ට කවි මතක නැද්ද??? ඉස්කෝලෙදී කවි කියන්න උගන්නන්නේ නැද්ද???

මම - නෑ... මතකයි Teacher

Teacher - හ්ම්ම්ම්ම්ම්.... ඉක්මනට කියනවා වෙලාව නාස්ති කරන්නෙ නැතුව.

මම - හ... හා Teacher

ඔන්න ටියුබ් ලයිට් එක ගැහිලා ගැහිලා පත්තු උනා... එක පාරටම මට කවියක් මතක් උනා... අපි ගොඩක් දෙනෙක් දන්න කරත්ත කවියක්.

තණ්ඩලේ දෙන්න දෙපොළේ           දක්කනවා...
කටු කැලේ ගාලෙ නොලිහා වද        දෙනවා...
හපුතලේ කන්ද දැකලා බඩ              දනවා...
පවු කළ ගොනෝ ඇදපන් හපුතල්    යනවා...

හරි දැන් කවිය මතකයි, දැන් බය වෙන්න දෙයක් නෑ... ඔන්න මම කවිය කියන්න පටන් ගත්තා

තණ්ඩලේ දෙන්න දෙපොළේ           දක්කනවා...
පළවෙනි පේළිය හරි,

කටු කැලේ ගාලෙ නොලිහා වද        දෙනවා...
දෙවනි පේළියත් හරි

හපුතලේ කන්ද දැකලා බඩ              යනවා...

ඩිම් වෙලා හිටපු පාරට විද්දා හොඳවයින් විදිල්ලක්, මට එකපාරටම ඒක මීටර් උනේ නෑ. මුළු Class එකම එකපාරටම හිනාවෙන්න පටන් ගත්තා, මට මුකුත් හිතාගන්න බැරුව Teacher දිහා බැලුවා, පොත් බලන එක පැත්තකින් තියලා Teacher ත් හිනාවෙනවා.

මට පස්සෙ තමයි මීටර් උනේ මම විද්දා කියලා.මම ඉතින්  බිම බලාගෙන හිටියා. වෙන මොනා කරන්නද? පස්සෙ Teacher කියුවම තමයි ගිහින් ඉඳගත්තේ. එදා තමයි මම හොඳටම බයිට් උන දවස.

ආයි ඉතින් එදා ඉඳලා කොල්ල ඒ Class එකේදී කවදාවත් කතා කලේ නෑ.හික්ස්...ඩී

Tuesday, March 6, 2012

ඔපරේශන් චන්ඩි බන්ඩි



සෑහෙන්න කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තේ ආවේ, එන්න බැරිවුන හේතුව තමයි මේ දවස් ටිකේම, මම ගෙදර එන්නේ රෑට කාල නිදාගන්න විතරයි.වීක් එන්ඩ් එකේවත් ගෙදර නෑ කියල තාත්තා හොඳටම බැන්නා... (අඬන මූන) මොනා උනත් ඉතින් මගෙ ෆ්‍රෙඩාල ටික නැතුවත් බෑ නේ... ජොබ් එකේ වැඩයි, පාඩම් වැඩයි තියෙන නිසා තවත් වෙලාව අඩුයි. වෙලාව නෑ කියල මේක අතඇරලා දාන්න බෑ නේ...ඩී

මේක කියවන කී දෙනෙක් දන්නවද දන්නේ නෑ, මම ගිය අවුරුද්දේ හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියා කියල? පොඩි ඔපරේශන් එකක්, හැබැයි ඒක මටනම් කොහෙත්ම පොඩි ඔපරේශන් එකක් උනේ නෑ.

මොකද, මට ඒක නිසා දෙපාරක්ම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා.පළවෙනිපාර දවස් 4 හිටියා.ගෙදර ආවට පස්සේ ඔපරේශන් කරපු තැන තිබුන තුවාලේ සනීප උනේ නෑ, මාසෙකට විතර පස්සේ ආයිත් ඩොකාට සීන් එක කියුවම, පොර මට කියනවා “මට පේන විදියට නම් ජර්ම් එකක් ගිහින් වගේ, ආයිත් ඔපරේට් කරන්න වෙයි” කියලා. ඉතින් වෙන මොනා කොරන්ටද? ආයිත් ගිහින් ඇඩ්මිට් උනා, අපරාදෙ කියන්න බෑ නර්ස්ලාටයි ඩොක්ටස්ලා කට්ටියටමයි මාව හොඳට මතකයි, කට්ටියම ඉතින් මාව ආදරෙන් පිළිගත්තා.

තුවාලෙ සනීප වෙන්නෙ නැති හේතුව හොයන්න ටෙස්ට් එකක් කරන්න ඕනෙ කියල සාම්පල් එකකුත් ගත්තා,ඔන්න ඊළඟ දවසේ රිපෝට් එක එනවා තුවාලෙ ජර්ම් එකක් තියෙනවා ඒක ඇඟට ගිහින් තියෙන්නේ හොස්පිටල් එකෙන් කියලා. (ඩොක්ට තමයි මට කියුවේ, ඒ ජර්ම් එක කෙනෙක්ගේ ඇඟට යන්න පුලුවන් හොස්පිටල් එකෙන් විතරයි කියලා.)

ඉතින් එදා හවස කියුවා හෙට ඔපරේශන් එකට ගන්නවා, ඒක නිසා fasting ඉන්න කියලා. ඉතින් මම රෑට කාලා, රෑ 10 පස්සේ මුකුත් නොකා හිටියා.( කෑම ගැන කියුවම මතක් උනේ, කෑම එකේ චිකන් ඇත්තෙම නෑ, වේල් තුනටම මාළු විතරයි, මම ඉතින් මාළු කන්නේ නැහැනේ, ඉතින් මාළු නොකා මම වීසි කරනවා, හොස්පිටල් ඉඳපු සති 3 වීසි කරපු මාළු වල ගාන බැලුවොත් රු 4000 විතර ඇති. අනික (BOC Tower එකේ කැන්ටිමේ කෑම එක අවුරුදු 2 තිස්සේ කාපු මට, හොස්පිටල් කෑම එක, කන එක ගේමක් නෙමේ...ලොල්) හොස්පිටල් එකේ උදේ කෑම එක දෙන්නේ උදේ 6.30 ට, දවල් කෑම එක දෙන්නේ දවල් 11.30 ට, රෑ කෑම එක දෙන්නේ හවස 5 ට, ඉතින් මේ කෑම දෙන වෙලාවල් වලට කාටද කන්න පුලුවන්? මම ඉතින් පොඩ්ඩක් කාල ඉතුරු ඒව ටික විසික් කරල දානවා.

ඔන්න ඉතින් පහුවෙනිදා ඔපරේශන් එකට ගන්න නිසා එදා උදේට තේකක් වත් නෑ. උදේ 9ට විතර නර්ස් කෙනෙක් ඇවිල්ල මට තියටර් එකට යනකොට ඇඳගන්න කියලා අමුතුම ජාතියෙ ඇඳුමක් දීල ගියා. ඒක නිකන් පල්ලෙහා පින්තූරෙ වගේ බාත් රෝබ් එකක් වගේ එකක් , ඒත් ඒක අඳින්න තියෙන්නේ අනික් පැත්තට, ඒ කියන්නේ ඔය පේන ඉස්සරහ පැත්ත පිටිපස්සට, මම ඉතින් ඕක අඳින්නේ දෙවනි පාරට නිසා අවුලක් නෑ, ඒත් ඒ දෙපාරම මට ඕක හරියට ගැටගහගන්න බැරිවුනා. මේක ඇඟට දාගත්තම ගැටගහගන්නකන් පිටිපස්ස පැත්ත ඔක්කොම එලියේ...ලොල් , ඕක ගැටගහගන්න ට්‍රයි කරනකොට, නර්ස් කනෙක්ට දුක හිතිලද කොහෙද, එයා ඇවිල්ල මට ඕක ඇන්දුවා...ඩී


විතරක් නෙමේ, ඔළුවට දාන්න ශවර් කැප් එකක් වගේ එකකුයි, කකුල් දෙකත් වැහෙන්න වගේම ඒවයි දුන්නා, ඔක්කොම ඇඳගත්තම නිකන් කවුද වගේ...(කවුද කියන්න දන්නේ නෑ...) ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මාව තියටර් එකට අරන් යන්න වාහනේ ආවා...(ට්‍රොලි එක...)

තියටර් එක ඇතුලට වෙලා මම ඉන්නකොට, මම නිකමට වගේ මගේ ඇඟ උඩින් තියල තිබුන File එක දිහා බැළුවා, මළ කෙලියයි මගේ File එක නෙමෙයි වෙන එකෙක්ගෙ File  එකක්, තව පොඩ්ඩෙන් මට කරන්න  තියෙන ඔපරේශන් එක නෙමෙයි කරන්නෙ... මම ඩොක්ට කෙනෙක්ට මේක කියුවම එයා මට හරි File එක ගෙනත් දුන්නා...

මාව තියටර් එක ඇතුලට ගන්නකම් එලියේ කොරිඩෝ එකේ තමයි තියල තියෙන්නේ, ඔහොම ඉන්නකොට බබෙක් හම්බුවෙන්න ඉන්න අම්ම කෙනෙක්ව සීසර් ඔපරේශන් කරන්න අරගෙන ආවා, ඒ අම්මට නිවුන්නු හම්බුවෙලා, මම දැක්කා පොඩි උන් දෙන්නව ඉන්කියුබේටර්ස් වල තියන්න අරගෙන යනවා...

මාව තියටර් එක ඇතුලට ගන්නකොට දවල් 12ට විතර ඇති, ගත්ත ගමන් සිහි නැති කලා, මට සිහිය එනකොට හවස 4 විතර ඇති. සිහිය ආවට පස්සෙ ඇඟට පුදුම විදියට අමාරුයි, නැගිටින්නම බෑ, එදා  රෑට කෑවෙත් නෑ...

කොහොම හරි දවස් 2 - 3 විතර පස්සේ නම් අවුලක් නෑ, ඇවිදින්න එහෙම පුලුවන්.ඒත් මට ගෙදර යන්න දුන්නේ නෑ, මොකද එකම තැන දෙපාරක් ඔපරේශන් කරපු නිසා. මමත් ඉතින් කමක් නෑ සනීප වෙලාම යනවා කියල හිටියා...

දැන් පළවෙනි සතියත් ඉවරයි. මැහුම් හතරක් දාලා තිබුනා, මට පේනවා ඔපරේශන් කරපු තැන ටිකෙන් ටික ඉදිමෙනවා, මම ඩොක්ටර්ට කියුවම පොර මට කියනවා "ඇතුලෙ ලේ පොඩ්ඩක් එකතුවෙලා ඇති, දවසකින් දෙකකින් ඕක අඩුවෙලා යයි කියලා", දවසකට විතර පස්සේ මැහුම් දාපු තැනකින් පොඩ්ඩක් ලීක් වෙලා ඇතුල තිබුන නරක ලේ ටික ඔක්කොම එලියට ආවා, ඩොක්ට කියුවා "ඔය විදියට එලියට ආපු එක ගොඩක් හොඳයි", එතකොට තමයි අම්මගෙ බය නැතිඋනේ.
එදා ඇඳගෙන හිටපු සරම පුරාම ලේ, නර්ස් මට ගෙනත් දුන්නා bed sheet එකක්. ගෙදරින් සරමක් අරන් එනකම් ඉතිං bed sheet එක දෙකට නමලා ඇඳගෙන හිටියා...ලොල්

ඉස්පිරිතාලෙ ඉන්න දෙවනි සතිය, ඇවිදින්න පුලුවන් නිසා මුළු වාට්ටුව පුරාම ඇවිද ඇවිද ඉන්නවා,හැමදාම හවසට සිරසෙ යන කාටූන් ඔක්කොම බලනවා...දෙවනි සතියෙ තමයි ඉස්පිරිතාල ඉන්නකොට මට උන හොඳම සීන් එක උනේ.මම කලින් කියුවනේ හවසට මම කාටූන් බලනව කියලා. T.V. එක තියෙන්නේ  ladies ලා ඉන්න පැත්තේ, ඩී... මම ඉතින් රේඩාර් එක මීටර් කරලා බැලුවා ගෑණු ළමයෙක් එහෙම ඉන්නවද කියලා...ඔන්න එක්කෙනෙක් ඉන්නවා....

පළවෙනි දවසේ එයා ඈතට වෙලා බල බල හිටියා, කාටූන් බලන්නේ මම විතරක් නිසා, දෙවනි දවසේ එයත් ආවා, එදා තමයි කෙල්ලව හරියටම දැක්කේ, එදා අපි දෙන්නා හිනා උනා විතරයි, කෙල්ල අවුලක් නෑ... ටිකක් කෙට්ටුයි, මගේ තරම්ම උස ඇති, ටිකක් සුදුයි, කොන්ඩේ ටිකක් විතර දිගයි... තුන්වෙනි දවසෙත් කාටූන් බලන්න දෙන්න සෙට් උනා, එදා නම් මම හිතාගත්තා අනිවා කතා කරන්න ඕනෙ කියල, ඉතින් මම හායි කියල එහෙම කතා කලා, එයත් අවුලක් නෑ මාත් එක්ක හොඳට කතා කලා... ඉත්න් එදා රෑ හොඳට නින්දත් ගියා...පී.. මට එදා එයාගෙ නම අහගන්න බැරිඋනා,මම හිතුවා තව ටික දවසක් ඉඳී කියලා,හෙමින් සැරේ අහනවා කියලා හිතාගත්තා... පහුවදා මම කාටූන් බල බල ඉන්නකොට , එයා ඇවිත් මම  අද හවසට යනවා කියල කිවුවා, මම කොහොම හරි එයාගෙ නම්බර් එක ඉල්ල ගත්තා.(ඉල්ල ගත්ත විදිය ඕනෙ නෑ නේ...) මට එදත් එයගෙ නම අහගන්න බැරිඋනා... කමක් නෑ නම්බර් එකත් තියෙන එකේ හෙමින් සැරේ අහනව කියල හිතුවා.. නම දන්නෙ නැති නිසා නම්බර් එක save කලේ “Hospitel girl ”කියලා... ආ කියන්න අමතක උනා එයා රාගම ලු ඉන්නේ... ඉතින් ඉඳලා හිටලා Message එකක් එවුවට මට එයගෙ නම අහගන්න බැරිඋනා... ඊට ටික කාලෙකට පස්සේ මගෙ phone එක නැතිඋනත් එක්කම එයාගෙ contacts නැතිඋනා....

තවත් සීන් එකක් උනා, ඒක නම් පොඩි කොමියක්...

වයස 50 ක විතර පොරක් ඇඩ්මිට් වෙලා හිටියා පොඩි ඔපරේශන් එකකට, මූව කලින් සිහි නැති කරලත් නෑ. කොහොමහරි පහුවෙනිදා මූව ඔපරේශන් එකට අරගෙන  ඉවර උනාට පස්සේ වෝඩ් එකට ගෙනත් දැම්මා... පැය 3 විතර ගියාට පස්සෙත් මූ නිදි, ඩොක්ට ඇවිල්ලා මූව ඇහැරවනවා...

ඩොක්ට - කෝ දැන් නැගිටින්න...

ලෙඩා - බෑ මට සිහිය නෑ...

ඩොක්ට - සිහිය නැත්නම් කොහොමද කතා කරන්නේ? නැගිටින්න...

ලෙඩා - මම දන්නේ නෑ, මට නැගිටින්න බෑ, මට සිහිය නෑ...

ඩොක්ට - ඔයාට කරපු ඔපරෙශන් එක මොකද්ද කියන්න?

ලෙඩා - ඔපරෙශන්, ඔපරෙශන්

ඩොක්ට -  ඔයා ඉන්නෙ කොහෙද කියල දන්නවද?

ලෙඩා - හොස්පිටල්, හොස්පිටල්

ටිකවෙලාවකට පස්සේ පොර නෝමල් උනා...

ඉතින් ඊට පස්සේ දවස් දෙකේදීනම් මුකුත් විශේශ දෙයක් උනේ නෑ...

ඩොක්ට කියුවා තව රිපෝට් එකක් අරන් බලමු කියලා, ඉතින් ඒ රිපෝට් එක ආවට පස්සෙ තමයි දන්නේ තාම ජර්ම් එක ඇඟේ තියෙනවා කියලා... මට බෙහෙත් වගයක් ලියල දුන්නා ගෙදරින් ගෙන්න ගන්න කියලා, බෙහෙත් ටික ගෙනාවට පස්සේ බැලුවාම එකේ තියෙනවා  shampoo එකක්. ඩොක්ට කියුවා උදේට එක ඇඟේ ගාලා විනාඩි 30 ඉඳලා ඊට පස්සේ නාන්න කියලා, මමත් ඉතින් හා කියල පළවෙනි දවසේ ගෑවා, ගාල ඉවර උනාම වාර්නිශ් ගාල වගේ, කොහොම හරි ඔය බෙහෙත් කෝස් එකත් දවස් 5 කලා.

ඉතින් ඊට පස්සේ නම් මට සෑහෙන්න දුරට සනීපයි, ඊට දවස් 3 ට විතර පස්සේ මගේ ටිකට් කැපුවා.ගෙදර ඇවිල්ල සතියකින් තුවාලෙ හොඳටම හොඳයි.

මම හොස්පිට්ල් ඉන්නකොට, සෑම්, සිතුම් මාව බලන්න ආවා...  තව ලොල්ඩි ඩොල්, වින්ඩි, ටිරේ, සෙන්දා, රොඩ්ඩා,ජෝ, දුශ්,ළහිරු, පවා, බන්ඩි, නිරෝ,චාමි කතා කරල මගේ දුක සැප හොයලා බැලුවා..

මේ ඔපරෙශන් එක නිසා මට පට්ට චාන්ස් එකක් සෙට් උනා, ඒ තමයි මට අළුත් කිරි ටොයියා ලැප්ටොප් එකක් හම්බුනා...ඩී

මම මේ පෝස්ට් එක පබ්ලිශ් කරන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි දැනගත්තේ සිතුම් හොස්පිටල් ඇඩ්මිට් කරල කියලා, මචං මම දුශ් චාමි උබව බලන්න හෙට එනවා, උබට ඉක්මනට සනීප වෙයං මචෝ...