මේකත් ඔබලම යන්න...

Thursday, September 26, 2013

How to play Counter Strike 1.6 Online



මාස ගානකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා... එන්න බැරි උනේ වැඩ ගොඩ ගැහිලා තිබුන නිසා. පෝස්ට් එකක් දාන්න හදන හැම වෙලාවකම මොකක් හරි වැඩක් සෙට් වෙනවා.


Heading එක බලපුවාම මොකක් ගැනද කියන්න යන්නේ කියල දන්නවනේ. මටත් සෑහෙන්න කාලෙක ඉඳලා තිබුන  ප්‍රශ්නයක් තමයි Counter Strike Online play කරන්නේ කොහොමද කියන එක? දන්න කියන අය 7-8 දෙනෙක්ගෙන් අහල බැළුවට, කිසිම කෙනෙක් හරියටම දන්නේ නෑ. අද උදේ Free time එකක් තිබුන නිසා, පොඩ්ඩක් හොයල බැළුවා මේක කොහොමද කරන්නේ කියලා.

හොයාගෙන යනකොට හම්බවුනා නියම Web Site එකක්. http://www.gametracker.com මේ සයිට් එකේ Counter Strike විතරක් නෙමේ තව games online play කරන්න පුලුවන්. පහළ තියෙන Featured Game List එක බලන්න.


Counter Strike 1.6 Download කරන්න නම් හොඳ  link එකක් හොයගන්න බැරි උනා. පොඩ්ඩක් හොයල බලන්න එතකොට බැරිවෙන එකක් නෑ. මම කියන්නේ install කරාට පස්සේ ඔන්ලයින් play කරන්න set up කරන විදිහ.

තව මේ web site එකේ Account එකකුත් හදාගන්න, නැත්නම් online play කරන්න බෑ. Account එක හදන්න විනාඩි 10 ක් විතරයි යන්නේ.

ඊටපස්සේ,

1)      http://www.gametracker.com එකේ Downloads වලට යන්න. ඊටපස්සේ, download Windows Client click කරලා. ඒ පොඩි software එක download කරගන්න. 5.51 MB (පහළ රූපය බලන්න)



2)      Downloads Folder එකේ තියෙන “GTSetup” එක install කරගන්න. (install කරනකොට “View Release notes ” Untick කරගන්න)

3)      ඊටපස්සේ කලින් හදාගත්තු User name and password දීලා sign in වෙන්න. (පහළ රූපය බලන්න)


4)      ඊටපස්සේ එන Window එකේ counter Strike 1.6 තියෙනවද බලන්න. (පහළ රූපය බලන්න)


5)      පළවෙනි පාර counter Strike 1.6 එතන list එකේ පෙන්නනේ නෑ. Game එක addකරගන්න. à Edit à Game setup select කරගන්න. (පහළ රූපය බලන්න)


6)      ඊටපස්සේ එන window එකෙන් Add Game Select කරගන්න (පහළ රූපය බලන්න)



7)      ඊටපස්සේ එන window එකෙන්  Game = Counter Strike 1.6 Select කරගන්න, Target එකෙන්  C: Drive එකේ Game එක Install උන folder එක “Auto find ” කර select කරගන්න. ඊට පස්සේ apply à  OK කරන්න.(පහළ රූපය බලන්න)



8)      දැන්  game එක games list එකේ add වෙලා තියෙන්න ඕනේ. (පහළ රූපය බලන්න)


9)      දැන් ආයිත් Game Tracker සයිට් එකට යන්න.

10)   Servers Tab එක select කරන්න. Playing drop down list එකෙන් counter Strike 1.6 select කර “Go” select කරන්න. (පහළ රූපය බලන්න)


11)   දැන්  එන Servers List එකෙන්  කැමති Server එකක් select කර à “Join” select කරන්න.


12)   ඊට පස්සේ එන pop up window එකෙන්   “Join Game Server” select කරන්න. (පහළ රූපය බලන්න)


13)   ඊට පස්සේ එන pop up window එකෙන්   “Launch Application” select කරන්න. (පහළ රූපය බලන්න)


                             
                                  
                                         දැන් හිතේ හැටියට Counter Strike       Play කරන්න...!!!



No comments:

Post a Comment