මේකත් ඔබලම යන්න...

Monday, November 21, 2011

On our way to Horton plains (ට්‍රිප් එක යමින් ගමන්)





හලෝ යාලුවනේ කොහොමද? ඔන්න මම ආයෙත් දවස් බර ගානකට පස්සේ බ්ලොග් එක පෑත්තේ ආවා. 

ඔන්න කට්ටිය ආසාවෙන් බලාගෙන හිටපු අපේ ලොවෙත් නෑති ට්රිප් එකේ විස්තර.
අපෙ බුකියේ තියෙන ගෘප් එකෙන් කට්ටියට දෑනුම් දීලා තිබුනා train එක කොටුවෙන් පිටත් වෙන්නේ උදේ 5.55 ට කියලා. මමයි අනික් දෙන්නයි කොටුවට යද්දි 5.15 විතර ඈති. අපි පොඩ්ඩක් බයෙන් ගියේ කට්ටිය තාම ඈවිල්ලා නෑතිවෙයිද කියලා.මොන??? අපේ අයියලා එතෙන්ට ඈවිල්ලා තියෙන්නේ උදේ 4.30 වෙද්දී...හෑබෑයි මුන් exam hall එකට නම් එන්නේ පරක්කු වෙලා...ඩී

ඔන්න train එක වෙලාවටම පිටත් උනා. අපිත් ඉතින් හරිම ජොලියෙන් සින්දු කිය කිය ආතල් එකේ යනවා අපේ main singer තමයි ඩිල්ශාන් and ජනියා තමයි main drummer. අපි ගියපු හෑම ට්‍රිප් එකකම යාවජීව සාමාජිකයෝ. ඕනම සෙට් එකක කන අය විතරක් නෙමෙයිනේ ඉන්නේ, ඔන්න ඉතින් මම ඈතුලුව කන්නේ නෑති සෙට් එක වෑඩ ඈල්ලුවා..

ටික වෙලාවකින් ලපයා (කන්නේ නෑති එකෙක්.) කෑ ගහනවා "වෙරළේ යමු මසුන් මරන්න" කට්ටියටම දෑන් හොදටම හිනා. කොහොමින් කොහොම හරි කට්ටියම දෑන් වෙන සින්දුවක් කියනවා. විනාඩි 5 විතර පස්සේ මූ ආයිත් කෑ ගහනවා “අදුරේ යමු මසුන් මරන්න”( අදුරේ ගියාම ලපයව මාලුන්ට පේන්නේ නෑ නේ...ලොල්)  කට්ටියටම ආයිත් හොදටම හිනා. හරි සින්දුව තමයි “මුහුදේ යමු මසුන් මරන්න”.

පෑය 8 විතර train journey එකක් නිසාත් , සෙට් වීමෙන් පසු නිදිමත දෑනුනු නිසාත් මම පොඩ්ඩක් නිදා ගත්තා (පොඩ්ඩක් කියුවේ පෑය 1.30 විතර ).

ආයිත් නෑගිටලා බලද්දීත් කට්ටියම සින්දු කියනවා එක පාරටම එකෙක් කෑ ගහනවා “කවුද යකෝ හොරෙන් රෝල්ස් කන්නේ?” වටපිට බලද්දී train එකේ වඩේ විකුනන පොරක් අපේ පෙට්ටියේ, ඉතින් ඔන්න කට්ටියම වඩේත් කෑවා.

ඔය ඔක්කොම වෙන අතරේ දෙන්නෙක් කට්ටිය ලග තියෙන bottles and cans ස්ටොක් හදනවා. අන්තිම ලාස්ට් ෆයිනල් රිසල්ට් එක.

7 දෙනෙක්ට =  white label බෝතල් 4
                      ගල් බෝතල් 1.5    
                      GB cans 8.

“අඩෝ මුලු ස්කාගාරෙම මෙතනනේ බo”.

මුලින් කියන්න අමතක උන තවත් දෙයක් තියෙනවා, කවුරුත් හොදින්ම දන්න දෙයක් තමයි අපේ රොඩ්ඩා කාට කාටත් උදවු කරන්න වෙලාව අවේලාව ,තෑන නොතෑන නොබලා කෑපවෙලා ඉන්නේ කියලා.( ගෑනු ලමයින්ට අති විශේශයි.) කියුවත් වගේ කොල්ලා trip එක යන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලා ගෑනු ළමයෙක්ට project එකක් හොයලා දෙන්න සෑහෙන්න මහන්සියක් ගත්තා, කොටින්ම කියුවොත් පාන්දර 4.30 විතර අදාල ගෑනු ළමයට call කරන්න සෑහෙන්න මහන්සියක් ගත්තා. එයා Answer කලේ නෑති එක වෙනම කතාවක්,ඒත් අපේ කොල්ලගේ උනන්දුව නම් උපරිමයි.

කොහොමින් කොහොම හරි අපෙ කොල්ලොන්ට train එකේ engine එකේ යන්න chance එකක් සෙට් උනා (engine එකේ කියන්නේ driving seat එක ලග). මම ඉතින් ඔතනට කලින් ගිහින් තියෙන නිසා මගේ වෑඩි උනන්දුවක් තිබුනේ නෑ.හරියටම කෙනා කවුද කියන්න නම් මතක නෑ, අපෙ කොල්ලෙක්  එකට ගිහින් ඈවිත් අපිට කියනවා "මචo මම train එකේ  accelerator 1 පෑගුවා කියලා". කට්ටියටම දෑන් හොදටම හිනා, මොකද අපි ඔක්කොම දන්නවනේ train එකේ  accelerator 1 hand control කියලා. ඒ තේරුනෙත් නෑත්නම් පල්ලෙහා දාලා තියෙන photos 2 බලන්න.


මෑද තියෙන ලොකු lever එක තමයි train acclarator එක.


Train driver කෙනෙක් speed එක control කරන හෑටි.

(මේවා දෑම්මේ දෑකලා නෑති අයට බලාගන්න.)

සමහර වෙලාවට train එක stations වල ටික වෙලාවක් නවත්තනවා signal හම්බුවෙනකම්, ඔහොම නවත්තන වෙලාවට එහා පෑත්තේ track එකට තව train එකක් ගොඩක් වෙලාවට ඈවිල්ලා නවත්තනවා. එතකොට ඉතින් එහා train එකේ ඉන්න අයව ලගටම බලාගන්න පුලුවන්, කොල්ලෙක් ඉතින් 1000 බලාපොරොත්තු තියාගෙන ඔය විදියට බලාගෙන හිටියා එහා train එකේ ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවද කියලා. එක පාරටම train එක නෑවත්තුවාම කොල්ලා හිටපු තෑනට සෙට් උනේ එහා train එකේ toilet එක.ලොල්. මූ ඒත් මීටර් නෑතුව ඒක දිහාම බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි මූට මීටර් උනේ වෑරදි තෑනක් දිහා බලාගෙන ඉන්නේ කියලා. මූට ඊටත් පස්සේ තමයි තේරුනේ අපි සෙට් එකම මූ කරන්නේ මොකද්ද කියල බලාගෙන ඉන්නේ කියලා...ලොල්

Train journey එක නම් මෙතනින් ඉවරයි. ඔහිය station එකෙන් බෑහෑලා දවල්ට කාලා ඉවරවෙලා අපි නවතින තෑනට යන්න පටන් ගත්තා. වාහන මුකුත් නෑ. 14 km පයින්ම තමයි. කදු පල්ලම් සහ ඉස්සරහින් ඉන්න එකා පේන්නේ නෑති මීදුම මෑදින් අපි වෙන්කරලා තිබුන මෙවුවා එකට එනකොට රෑ 7.30 විතර ඈති. රෑට කාලා කට්ටියක් නිදාගත්තා, අනික් අය ඉතින් සෙට් උනා. මමත් ටිකක් වෙලා සෙට් වෙලා ටිකක් අවුල් වගේ නිසා නිදාගන්න ගියා.

 මම නෑති අඩුව පුරවන්න එතනට ආපු ස_ _ සහෝදරයා සෙට් වෙලා පොඩ්ඩක් වෑඩි වෙලා.ඉතින් නිදාගෙන හිටපු හා නිදාගත්තේ නෑති හෑමෝගෙන්ම මූ ඈහුවේ "මචo උබ චූ කලාද??? කලේ නෑත්නම් වරෙන් යන්න"කියලා. මූට පොඩ්ඩයි වෑඩිවෙලා තියෙන්නේ.

අඩේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා , දෑන් ඔය අපි සෙට් එක දාලා තියෙන profile pic එක බුකියට upload කරන්න 3G signal හොයන්න කොල්ලෝ 5 විදපු දුක... (ගස් බඩගාපු නෑති එක විතරයි).

ඔන්න ඉතින් එදා දවස බොහොම සාමකාමීව ඔය විදියට ගෙවිලා ගියා. අනික් පොස්ට් එකෙන් එහේ ඉන්න කොට උන සීන් ටික කියන්නම්. යනකොට උන තව සීන් තියෙනව නම් මේකේ කොමෙන්ට් විදියට දාන්න.

 එහෙනම් අඩියෝස්.



12 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. haaahaaa..! maru maru euwa unee.! eewaa okkoma daapan sudu puthe..! :P

    ReplyDelete
  3. දානවා දානවා, එකක්වත් අතාරින්නේ නෑ.... ඩී

    ReplyDelete
  4. patta patta ... ithuru evath dapan :D

    ReplyDelete
  5. සිග්නල් එහෙමත් තිබ්බෙ නෑ නේද?? මටත් ට්‍රිප් එක ගිය කෙනෙක් කිව්වා...:D :D

    ReplyDelete
  6. අඩේ දෑන් පවුල් පිටින් කොමෙන්ට් කොරනවා ලොවෙත් නෑ... එල එල ... ඩී ..

    අප්පා... සිග්නල් හොයන්න කාපු කට්ට... එහාට කරන්ට් එක නෑ කියන එකත් විශ්වාස කොරන්ට වෙනවා... ඩී ..

    ReplyDelete
  7. maxxa machan... keep up the good work ;)

    ReplyDelete
  8. fatta fatta macho..okkoma dapan...kondaya suddiyanata magic pennapuwath dappan

    ReplyDelete
    Replies
    1. ඒ පොටෝ මගේ ළග නෑ නේ බං

      Delete