මේකත් ඔබලම යන්න...

Friday, December 2, 2011

ගෙදර එන ගමන්... (on our way home)





කට්ටිය බලනවා ඇති බ්ලොග් එකේ හෙඩිමට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපේ චානුක සහෝදරයා තමයි ඔය දාලා තියෙන බැනර් එක ඩිසයින් කරලා දුන්නේ...තැන්කූ වේවා මචං.

චානුක සහෝදරයාගේ බ්ලොග් එකත් පට්ට... තනිකරම චිත්‍ර විතරයි... ගිහින් බලන්න.

අද කියන්න යන්නේ ඉතින් අපි ට්‍රිප් එක ගිහින් එනගමන් උන සීන් ටික.කියවලාම බලන්න.

Horten Plains යන ගමන් කට්ටියම station එකෙන් අහගෙන ගියා return train එක තියෙන්නේ කීයටද කියලා. Train එක තියෙන්නේ 11. 27 කියලා කියපු නිසා කට්ටියම ෆන් එකේ හිටියා (මොකද උදෙන් නැගිටින්න ඕනේ නෑ නේ). ඔන්න සෑහෙන්න ගේමක් දීලා කට්ටියම ආයෙත් උදේ 7 වෙද්දී නැගිට්ටා, wash room කතාව නම් කලින් දවසේ වගේමයි.පී

කියන්න අමතක උනා... අපේ අයට hot water tap , cool water tap මාරු වෙලා තව පොඩ්ඩෙන් මල කෙලියයි.ලොල්

කැන්ටිමට ගිහින් උදේට කාලා, කට්ටියම වෑන් දෙකකින් ආපහු ඔහිය station එකට ආවා, 10.45 විතර වෙනකොට.ඉතින් කට්ටියම platform එකේ ඉඳගෙන සින්දුවක් එහෙම කියලා ඉන්නකොට ඔන්න පොඩි මැණිකේ (train eka)ආවා.

මෙන්න අපි කියපු සිංදුව...ඩී



ඩිල්ශාන්ට train එකේ හොඳම seat එක හැමපාරම ඕනේ, seat එකේ වාඩිවෙන්න මූ නොකරන දෙයක් නෑ.පී

අපි ඉතින් මූට එහෙම ඉන්න දීලා, ආතල් එකේ සින්දු කිය කිය ආවා. colombo වලට එනකොට කොහොමත් රෑ වෙන නිසා train එකේදීම රෑට කමු කියලා කතා උනා. අපි ලඟ පාන් එහෙමත් තිබුනා, ඉතින් නාවලපිටිය station එකේ නැවැතුවාම රොඩ්ඩයි තව දෙන්නෙකුයි ගිහින් ජෑම් අරන් ආවා (යෝගට් කප් වල දාලා තියෙන්නේ) , අරන් ඇවිත් seat එක උඩින් තිබ්බා විතරයි, බිලාල් එකක් අරගෙන අපෙන් අහනවා.

බිලාල් - මචං, කෝ spoons නැද්ද ???

අපි - මොකටද බං spoons ???

බිලාල් - spoons නැතුව ice cream කන්නේ කොහොමද බං???

මූ මීට කලින් දැකලා නෑ යෝගට් කප් වල ජෑම් දාලා තියෙනවා.. අපිට ඉතින් හොඳටම හිනා...ලොල්

අස්සේ සහන් කෑ ගහනවා "අඩෝ මට mix fruit  ඕනේ"...ලොල්

හොඳම සීන් එක තමයි, අපේ රිළවා n සහන් පොඩි සුද්දෝ පිස්සුවක් හැදුනා. Train එකට නැගපු වෙලාවේ ඉඳන් මුන් දෙන්නට ඕනේ එහා පෙට්ටිවල ඉන්න සුද්දොන්ව අපේ පෙට්ටියට දාගෙන උන් එක්ක කතා කර කර ඉන්න.පී… කොහොමින් කොහොම හරි වැඩේ දෙල් උනා... රිළවා ගිහින් train එකේ පඩිපෙලේ ඉඳගෙන එහා පෙට්ටියේ ඉන්න couple එකට ටෝක් කරනවා...සහන් ඉතින් විනාඩියක් ගානේ ඇවිත් අපිව update කරනවා...

උනේ මෙන්න මෙහෙමයි...

සහන් - අඩෝ ඒගොල්ලෝ German වලින්.

සහන් - ඒ ගොල්ලෝ docters ලා.

සහන් - ඒ දෙන්නා බැඳලා බං

සහන් - මමයි රිළවායි අපේ පෙට්ටියට එන්න කතා කලා, බෑ කිවුවා බං.

අපි -  හූ හූ හූ හූ හූ හූ හූ හූ..............

සහන් - නෑ නෑ බං, වයිෆ් ටිකක් ලැජ්ජයිලූ.

සහන් - අඩෝ පේරාදෙණියෙන් බහිනවලු බං

කොහොම හරි රිළවා පොල්ගහවෙළින් බහිනකන්ම සුද්දෝ අපේ පෙට්ටියට දාගන්න බැරි උනා...

කොහොම හරි අපි සාමකාමීව තව ටික දුරක් ආවා. ඔන්න එකපාරටම සුද්දියෝ දෙන්නෙක් කඩාගෙන බිඳගෙන අපේ පෙට්ටියට ආවා.

අපි - sorry, this compartment is reserved.

එයාලා - yes we know that, by the way can we please have a seat because we are very tired?

ඉතින් එහෙම ඇහුවාම ආයිත් යන්න කියන්නද???

අපි - ah, ok then have a seat.

එයාලා - oh, thanks a lot guys.

සහන්ටනම් ෆුල් හැපි,රිළවා නැති එකේ තනියෙන් ගේම දෙන්න පුලුවන්නේ...පී ඔන්න ඉතින් හොඳට සින්දු කිය කිය හිටපු කට්ටිය ලොවෙත් නෑ, සිංදු කියවෙන්නෙත් නෑ, ඔන්න ඉතින් රොඩ්ඩා, සහන්, සෑම්  කතාවට සෙට් උනා...අපිට පේනවා රොඩ්ඩා දැන් අත පය වීසි කර කර කතා කරනවා.ලොවෙත් නෑ... එහෙන් මෙහෙන් මට ඇහෙනවා රොඩ්ඩා ඇමරිකාව ගැනයි, එංගලන්තේ ගැනයි කතා කරනවා...

රොඩ්ඩා - where else u two went?

එයාලා - oh, we went to a market, and we saw huge bananas.

කට්ටිය හතර පැත්තට ගිහිල්ල හිනාවෙනවා.ලොල් ... ඇයි උන් දෙන්නා ඉස්සරහා හිනාවෙන්න බෑ නේ...

ඔන්න ඉතින් රාගමින් බහින කොල්ලෙක්ට දොල දුකක් ආවා එයාලත් එක්ක පොටෝ එකක් ගන්න , තටමලා තටමලා කොහොම හරි ඒකත් ගත්තා... බුකියේ ඉන්නවද කියලා අහගෙන request හිටන් දාලා accept කරනකන්ම ඒ පොටෝ  profile pic දාගෙනත් හිටියා...ලොල්... ඕං එයාගේ සමහර පොටෝ වලට රාගමින් කොමෙන්ට් හිටන් දාලා.ලොල් වෙන කවුරුත් මුකුත් කියල නැති නිසා අපේ කොල්ලට සප් එකට මම ඒකට like එකක් දැම්මා.


ඔන්න ඉඳලා ඉඳලා තව කොල්ලෙක් එතෙන්ට ආවා විතරයි, රොඩ්ඩට තිබුන ප්ලේස් එකට කෙලවුනා.පී, කොටින්ම කියුවොත් ඌට නිදිමත හැදුනා...ලොල් අලුතින් ආපු එකා euro cup එකෙන් පටන් අරගෙන ඉවර කලේ හින්දි සිනමාවෙන්...ලොවෙත් නෑ...

කොහොමින් කොහොම හරි රෑ 8 විතර වෙද්දී කොටුව station එකට ආවා, කට්ටියටම සමු දීලා අපි රෑ 10 විතර වෙද්දී ගෙවල් වලටත් ගියා.

රොඩ්ඩා, සහන්, සෑම් බුකියේ message එකක් open කරලා සුද්දියෝ දෙන්නව හොයන්න, 3 දෙනා එක එක ජාතියේ links පෝස්ට් කලා කියල තමයි ආරංචි උනේ...ලොල්

Horten plains කියන්නේ යන්න පට්ටම ප්ලේස් එකක්. දැන් පහසුකම් එහෙමත් ගොඩාක් හොඳයි. කට්ටියට බලාගන්නත් එක්ක මම පොටෝ ටිකක් දාන්නම්.

මීදුම



ඩොමෑට්ට්රි එක




සිග්නල් සෙවීම (එහෙට සිග්නල් ඇත්තෙම නැති තරම්, විදුලියත් එසේමයි... ලොවෙත් නෑ)


අපි ඉතින් කරදරයක් නැතුවම ට්‍රිප් එක ගිහින් ආවා , ආයිත් ට්‍රිප් එකක් ගියාට පස්සේ මේ වගේම පෝස්ට් එකක් ලියන්නම්කෝ...

14 comments:

  1. adee supiri ah.. patta machoo....! :) eeunata uba maawa kaala wadi..
    adee chanuka blog ekak karanawa kiyala api danne naa nee..! :(

    ReplyDelete
  2. @ සහන් - කොහෙද ??? තොට ඉතින් කියන්න වෙන නමක් තියෙනවද??අනික් ගොඩක් එවුන්ට තියෙනවනේ, මේ වගේ ඒවා ලියන්න උබ වෙන නමක් හදාගෙන මට කියපන්.... අවුලක් නම් සොලි හොඳේ...

    ReplyDelete
  3. me gana mama kese pawasamdoo...wah..!! rasaya esemai...meka kiyawanakota e siddi dhaamaya nawatha nawatha mathak wenawa... :D.. (y) ස්තුතිය සහ කීර්තිය මාටියාට...

    ReplyDelete
  4. aparade ban ara photo eka kotuwata awama gahanna thibbe :P

    ReplyDelete
  5. @ චානුක - තැන්කූ වේවා මචෝ...

    ReplyDelete
  6. ගූගල් එකේ එවුන්ට කියන්ට ඕනේ , බුකියේ වගේම මෙකේ කොමෙන්ට් වලටත් ලයික් බටන් එකක් හයි කොරන්ට කියලා...ලොල්

    ReplyDelete
  7. Replies
    1. ට්‍රිප් එක ගිහින් අවුරුද්දකට පස්සෙද උබට comment කරන්න මතක් උනේ??? ලොල් ... එල එල...

      Delete
  8. ඔයා sprite එකක් අතේ තියාගෙන මොනාද කලේ..??

    ReplyDelete
    Replies
    1. ආ... ඔය තියෙන්නේ කාපු බීපුවා තමයි...

      Delete