මේකත් ඔබලම යන්න...

Tuesday, March 6, 2012

ඔපරේශන් චන්ඩි බන්ඩි



සෑහෙන්න කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තේ ආවේ, එන්න බැරිවුන හේතුව තමයි මේ දවස් ටිකේම, මම ගෙදර එන්නේ රෑට කාල නිදාගන්න විතරයි.වීක් එන්ඩ් එකේවත් ගෙදර නෑ කියල තාත්තා හොඳටම බැන්නා... (අඬන මූන) මොනා උනත් ඉතින් මගෙ ෆ්‍රෙඩාල ටික නැතුවත් බෑ නේ... ජොබ් එකේ වැඩයි, පාඩම් වැඩයි තියෙන නිසා තවත් වෙලාව අඩුයි. වෙලාව නෑ කියල මේක අතඇරලා දාන්න බෑ නේ...ඩී

මේක කියවන කී දෙනෙක් දන්නවද දන්නේ නෑ, මම ගිය අවුරුද්දේ හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියා කියල? පොඩි ඔපරේශන් එකක්, හැබැයි ඒක මටනම් කොහෙත්ම පොඩි ඔපරේශන් එකක් උනේ නෑ.

මොකද, මට ඒක නිසා දෙපාරක්ම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා.පළවෙනිපාර දවස් 4 හිටියා.ගෙදර ආවට පස්සේ ඔපරේශන් කරපු තැන තිබුන තුවාලේ සනීප උනේ නෑ, මාසෙකට විතර පස්සේ ආයිත් ඩොකාට සීන් එක කියුවම, පොර මට කියනවා “මට පේන විදියට නම් ජර්ම් එකක් ගිහින් වගේ, ආයිත් ඔපරේට් කරන්න වෙයි” කියලා. ඉතින් වෙන මොනා කොරන්ටද? ආයිත් ගිහින් ඇඩ්මිට් උනා, අපරාදෙ කියන්න බෑ නර්ස්ලාටයි ඩොක්ටස්ලා කට්ටියටමයි මාව හොඳට මතකයි, කට්ටියම ඉතින් මාව ආදරෙන් පිළිගත්තා.

තුවාලෙ සනීප වෙන්නෙ නැති හේතුව හොයන්න ටෙස්ට් එකක් කරන්න ඕනෙ කියල සාම්පල් එකකුත් ගත්තා,ඔන්න ඊළඟ දවසේ රිපෝට් එක එනවා තුවාලෙ ජර්ම් එකක් තියෙනවා ඒක ඇඟට ගිහින් තියෙන්නේ හොස්පිටල් එකෙන් කියලා. (ඩොක්ට තමයි මට කියුවේ, ඒ ජර්ම් එක කෙනෙක්ගේ ඇඟට යන්න පුලුවන් හොස්පිටල් එකෙන් විතරයි කියලා.)

ඉතින් එදා හවස කියුවා හෙට ඔපරේශන් එකට ගන්නවා, ඒක නිසා fasting ඉන්න කියලා. ඉතින් මම රෑට කාලා, රෑ 10 පස්සේ මුකුත් නොකා හිටියා.( කෑම ගැන කියුවම මතක් උනේ, කෑම එකේ චිකන් ඇත්තෙම නෑ, වේල් තුනටම මාළු විතරයි, මම ඉතින් මාළු කන්නේ නැහැනේ, ඉතින් මාළු නොකා මම වීසි කරනවා, හොස්පිටල් ඉඳපු සති 3 වීසි කරපු මාළු වල ගාන බැලුවොත් රු 4000 විතර ඇති. අනික (BOC Tower එකේ කැන්ටිමේ කෑම එක අවුරුදු 2 තිස්සේ කාපු මට, හොස්පිටල් කෑම එක, කන එක ගේමක් නෙමේ...ලොල්) හොස්පිටල් එකේ උදේ කෑම එක දෙන්නේ උදේ 6.30 ට, දවල් කෑම එක දෙන්නේ දවල් 11.30 ට, රෑ කෑම එක දෙන්නේ හවස 5 ට, ඉතින් මේ කෑම දෙන වෙලාවල් වලට කාටද කන්න පුලුවන්? මම ඉතින් පොඩ්ඩක් කාල ඉතුරු ඒව ටික විසික් කරල දානවා.

ඔන්න ඉතින් පහුවෙනිදා ඔපරේශන් එකට ගන්න නිසා එදා උදේට තේකක් වත් නෑ. උදේ 9ට විතර නර්ස් කෙනෙක් ඇවිල්ල මට තියටර් එකට යනකොට ඇඳගන්න කියලා අමුතුම ජාතියෙ ඇඳුමක් දීල ගියා. ඒක නිකන් පල්ලෙහා පින්තූරෙ වගේ බාත් රෝබ් එකක් වගේ එකක් , ඒත් ඒක අඳින්න තියෙන්නේ අනික් පැත්තට, ඒ කියන්නේ ඔය පේන ඉස්සරහ පැත්ත පිටිපස්සට, මම ඉතින් ඕක අඳින්නේ දෙවනි පාරට නිසා අවුලක් නෑ, ඒත් ඒ දෙපාරම මට ඕක හරියට ගැටගහගන්න බැරිවුනා. මේක ඇඟට දාගත්තම ගැටගහගන්නකන් පිටිපස්ස පැත්ත ඔක්කොම එලියේ...ලොල් , ඕක ගැටගහගන්න ට්‍රයි කරනකොට, නර්ස් කනෙක්ට දුක හිතිලද කොහෙද, එයා ඇවිල්ල මට ඕක ඇන්දුවා...ඩී


විතරක් නෙමේ, ඔළුවට දාන්න ශවර් කැප් එකක් වගේ එකකුයි, කකුල් දෙකත් වැහෙන්න වගේම ඒවයි දුන්නා, ඔක්කොම ඇඳගත්තම නිකන් කවුද වගේ...(කවුද කියන්න දන්නේ නෑ...) ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මාව තියටර් එකට අරන් යන්න වාහනේ ආවා...(ට්‍රොලි එක...)

තියටර් එක ඇතුලට වෙලා මම ඉන්නකොට, මම නිකමට වගේ මගේ ඇඟ උඩින් තියල තිබුන File එක දිහා බැළුවා, මළ කෙලියයි මගේ File එක නෙමෙයි වෙන එකෙක්ගෙ File  එකක්, තව පොඩ්ඩෙන් මට කරන්න  තියෙන ඔපරේශන් එක නෙමෙයි කරන්නෙ... මම ඩොක්ට කෙනෙක්ට මේක කියුවම එයා මට හරි File එක ගෙනත් දුන්නා...

මාව තියටර් එක ඇතුලට ගන්නකම් එලියේ කොරිඩෝ එකේ තමයි තියල තියෙන්නේ, ඔහොම ඉන්නකොට බබෙක් හම්බුවෙන්න ඉන්න අම්ම කෙනෙක්ව සීසර් ඔපරේශන් කරන්න අරගෙන ආවා, ඒ අම්මට නිවුන්නු හම්බුවෙලා, මම දැක්කා පොඩි උන් දෙන්නව ඉන්කියුබේටර්ස් වල තියන්න අරගෙන යනවා...

මාව තියටර් එක ඇතුලට ගන්නකොට දවල් 12ට විතර ඇති, ගත්ත ගමන් සිහි නැති කලා, මට සිහිය එනකොට හවස 4 විතර ඇති. සිහිය ආවට පස්සෙ ඇඟට පුදුම විදියට අමාරුයි, නැගිටින්නම බෑ, එදා  රෑට කෑවෙත් නෑ...

කොහොම හරි දවස් 2 - 3 විතර පස්සේ නම් අවුලක් නෑ, ඇවිදින්න එහෙම පුලුවන්.ඒත් මට ගෙදර යන්න දුන්නේ නෑ, මොකද එකම තැන දෙපාරක් ඔපරේශන් කරපු නිසා. මමත් ඉතින් කමක් නෑ සනීප වෙලාම යනවා කියල හිටියා...

දැන් පළවෙනි සතියත් ඉවරයි. මැහුම් හතරක් දාලා තිබුනා, මට පේනවා ඔපරේශන් කරපු තැන ටිකෙන් ටික ඉදිමෙනවා, මම ඩොක්ටර්ට කියුවම පොර මට කියනවා "ඇතුලෙ ලේ පොඩ්ඩක් එකතුවෙලා ඇති, දවසකින් දෙකකින් ඕක අඩුවෙලා යයි කියලා", දවසකට විතර පස්සේ මැහුම් දාපු තැනකින් පොඩ්ඩක් ලීක් වෙලා ඇතුල තිබුන නරක ලේ ටික ඔක්කොම එලියට ආවා, ඩොක්ට කියුවා "ඔය විදියට එලියට ආපු එක ගොඩක් හොඳයි", එතකොට තමයි අම්මගෙ බය නැතිඋනේ.
එදා ඇඳගෙන හිටපු සරම පුරාම ලේ, නර්ස් මට ගෙනත් දුන්නා bed sheet එකක්. ගෙදරින් සරමක් අරන් එනකම් ඉතිං bed sheet එක දෙකට නමලා ඇඳගෙන හිටියා...ලොල්

ඉස්පිරිතාලෙ ඉන්න දෙවනි සතිය, ඇවිදින්න පුලුවන් නිසා මුළු වාට්ටුව පුරාම ඇවිද ඇවිද ඉන්නවා,හැමදාම හවසට සිරසෙ යන කාටූන් ඔක්කොම බලනවා...දෙවනි සතියෙ තමයි ඉස්පිරිතාල ඉන්නකොට මට උන හොඳම සීන් එක උනේ.මම කලින් කියුවනේ හවසට මම කාටූන් බලනව කියලා. T.V. එක තියෙන්නේ  ladies ලා ඉන්න පැත්තේ, ඩී... මම ඉතින් රේඩාර් එක මීටර් කරලා බැලුවා ගෑණු ළමයෙක් එහෙම ඉන්නවද කියලා...ඔන්න එක්කෙනෙක් ඉන්නවා....

පළවෙනි දවසේ එයා ඈතට වෙලා බල බල හිටියා, කාටූන් බලන්නේ මම විතරක් නිසා, දෙවනි දවසේ එයත් ආවා, එදා තමයි කෙල්ලව හරියටම දැක්කේ, එදා අපි දෙන්නා හිනා උනා විතරයි, කෙල්ල අවුලක් නෑ... ටිකක් කෙට්ටුයි, මගේ තරම්ම උස ඇති, ටිකක් සුදුයි, කොන්ඩේ ටිකක් විතර දිගයි... තුන්වෙනි දවසෙත් කාටූන් බලන්න දෙන්න සෙට් උනා, එදා නම් මම හිතාගත්තා අනිවා කතා කරන්න ඕනෙ කියල, ඉතින් මම හායි කියල එහෙම කතා කලා, එයත් අවුලක් නෑ මාත් එක්ක හොඳට කතා කලා... ඉත්න් එදා රෑ හොඳට නින්දත් ගියා...පී.. මට එදා එයාගෙ නම අහගන්න බැරිඋනා,මම හිතුවා තව ටික දවසක් ඉඳී කියලා,හෙමින් සැරේ අහනවා කියලා හිතාගත්තා... පහුවදා මම කාටූන් බල බල ඉන්නකොට , එයා ඇවිත් මම  අද හවසට යනවා කියල කිවුවා, මම කොහොම හරි එයාගෙ නම්බර් එක ඉල්ල ගත්තා.(ඉල්ල ගත්ත විදිය ඕනෙ නෑ නේ...) මට එදත් එයගෙ නම අහගන්න බැරිඋනා... කමක් නෑ නම්බර් එකත් තියෙන එකේ හෙමින් සැරේ අහනව කියල හිතුවා.. නම දන්නෙ නැති නිසා නම්බර් එක save කලේ “Hospitel girl ”කියලා... ආ කියන්න අමතක උනා එයා රාගම ලු ඉන්නේ... ඉතින් ඉඳලා හිටලා Message එකක් එවුවට මට එයගෙ නම අහගන්න බැරිඋනා... ඊට ටික කාලෙකට පස්සේ මගෙ phone එක නැතිඋනත් එක්කම එයාගෙ contacts නැතිඋනා....

තවත් සීන් එකක් උනා, ඒක නම් පොඩි කොමියක්...

වයස 50 ක විතර පොරක් ඇඩ්මිට් වෙලා හිටියා පොඩි ඔපරේශන් එකකට, මූව කලින් සිහි නැති කරලත් නෑ. කොහොමහරි පහුවෙනිදා මූව ඔපරේශන් එකට අරගෙන  ඉවර උනාට පස්සේ වෝඩ් එකට ගෙනත් දැම්මා... පැය 3 විතර ගියාට පස්සෙත් මූ නිදි, ඩොක්ට ඇවිල්ලා මූව ඇහැරවනවා...

ඩොක්ට - කෝ දැන් නැගිටින්න...

ලෙඩා - බෑ මට සිහිය නෑ...

ඩොක්ට - සිහිය නැත්නම් කොහොමද කතා කරන්නේ? නැගිටින්න...

ලෙඩා - මම දන්නේ නෑ, මට නැගිටින්න බෑ, මට සිහිය නෑ...

ඩොක්ට - ඔයාට කරපු ඔපරෙශන් එක මොකද්ද කියන්න?

ලෙඩා - ඔපරෙශන්, ඔපරෙශන්

ඩොක්ට -  ඔයා ඉන්නෙ කොහෙද කියල දන්නවද?

ලෙඩා - හොස්පිටල්, හොස්පිටල්

ටිකවෙලාවකට පස්සේ පොර නෝමල් උනා...

ඉතින් ඊට පස්සේ දවස් දෙකේදීනම් මුකුත් විශේශ දෙයක් උනේ නෑ...

ඩොක්ට කියුවා තව රිපෝට් එකක් අරන් බලමු කියලා, ඉතින් ඒ රිපෝට් එක ආවට පස්සෙ තමයි දන්නේ තාම ජර්ම් එක ඇඟේ තියෙනවා කියලා... මට බෙහෙත් වගයක් ලියල දුන්නා ගෙදරින් ගෙන්න ගන්න කියලා, බෙහෙත් ටික ගෙනාවට පස්සේ බැලුවාම එකේ තියෙනවා  shampoo එකක්. ඩොක්ට කියුවා උදේට එක ඇඟේ ගාලා විනාඩි 30 ඉඳලා ඊට පස්සේ නාන්න කියලා, මමත් ඉතින් හා කියල පළවෙනි දවසේ ගෑවා, ගාල ඉවර උනාම වාර්නිශ් ගාල වගේ, කොහොම හරි ඔය බෙහෙත් කෝස් එකත් දවස් 5 කලා.

ඉතින් ඊට පස්සේ නම් මට සෑහෙන්න දුරට සනීපයි, ඊට දවස් 3 ට විතර පස්සේ මගේ ටිකට් කැපුවා.ගෙදර ඇවිල්ල සතියකින් තුවාලෙ හොඳටම හොඳයි.

මම හොස්පිට්ල් ඉන්නකොට, සෑම්, සිතුම් මාව බලන්න ආවා...  තව ලොල්ඩි ඩොල්, වින්ඩි, ටිරේ, සෙන්දා, රොඩ්ඩා,ජෝ, දුශ්,ළහිරු, පවා, බන්ඩි, නිරෝ,චාමි කතා කරල මගේ දුක සැප හොයලා බැලුවා..

මේ ඔපරෙශන් එක නිසා මට පට්ට චාන්ස් එකක් සෙට් උනා, ඒ තමයි මට අළුත් කිරි ටොයියා ලැප්ටොප් එකක් හම්බුනා...ඩී

මම මේ පෝස්ට් එක පබ්ලිශ් කරන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි දැනගත්තේ සිතුම් හොස්පිටල් ඇඩ්මිට් කරල කියලා, මචං මම දුශ් චාමි උබව බලන්න හෙට එනවා, උබට ඉක්මනට සනීප වෙයං මචෝ...

18 comments:

  1. kohoma kohoma hari kritoyiyya lap ekak nam hamba una bota neda ?? ekath api nisa thama :P :P thank u kiyla wath kiuwe naa gemmbba :D

    ReplyDelete
    Replies
    1. ඕන්න බොට මම තැන්කූ කිඋවා.... ඒ ලැප් එකෙන් තමයි බොල මෙ බ්ලොග රන් වෙන්නේ, ලැප නැත්නම් බ්ලොගත් නෑ.... ඔක්කොම කොමෙන්ට් වලට තැන්කූ වේවා...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අඩෝ ඇයි බන් අච්චර මාළු තොගයක් විසි කරේ...අයියෝ සල්ලි :P

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ.... මීට පස්සේ තුන් වේලටම චිකන් දෙන හොස්පිටල් එකකට යනවා...පී

      Delete
  4. u have missed somethin....ara theatr ekata gaththata passe dakapu dewal nane...lol.. :P

    ReplyDelete
  5. ලෙඩෙක් ගොඩ ගිය හැටි :D

    ReplyDelete
    Replies
    1. අමතක නොවෙන ගොඩ යෑම...

      Delete