හා
කොහොමද?? ගොඩක් දවසකට පස්සේ, පහුගිය දවස් ටිකේම exams වගයක් තිබුනා, ඒකයි මේ පැත්තේ එන්න බැරිඋනේ... ඔන්න අද තමයි exams ඉවර උනේ, ආයි සති ගානකට නෑ...
අද
exam ඉවරවෙලා ගෙදර එනකොට තමයි මට මේක මතක්
උනේ. මේ සිද්දිය උනේ ගිය අවුරුද්දේ අපේ Research Prototype
Presentation එකේදී.
ඔන්න ඔය Reaserch එකේදිම final
presentation එකේදි උන දොර ඇරපු සීන් එක කියෙවුවෙ නැත්නම් ගිහින් කියවල එන්න.
හරි
දැන් ආපහු කතාවට.
සාමාන්‍යයෙන් research එකක prototype presentation එක වෙද්දී 90% වත් complete වෙලා තියෙන්න ඕනේ.ඒ කියන්නේ, බලන්න එන supervisor ට පෙන්නන්න output එකක් තියෙන්නම ඕනේ. නමුත් ඔය කියන කාලෙ වෙනකොට අපේ research එකේ complete වෙලා තිබුනේ 60% විතර තමයි.අපි හදපු mobile application එකේ තිබුන compatible issues වගයක් නිසා,
අපිට පෙන්නන්න හරිහමන් output එකක් තිබුනේ නෑ. ඉතින් එහෙමයි කියලා,අපිට prototype presentation නොකර
ඉන්නත් බෑනේ. කොහොමහරි
හිත හදාගෙන, අපි presentation එකට යන්න රෙඩි උනා.
presentation
එකට කළින් Group එකේ ඉන්න ගෑනු ළමයි දෙන්නා
A4 sheets 5ක විතර හෙන ස්ටෝරියක් පාඩම් කරනවා,( ගෑනු ළමයි කොහොමත්
එහෙමනේ...පී) මමයි අනික්
දෙන්නයි නම් Project එක error Free කරන්න බලනවා. ඒ අස්සේ බඩා (කතාවට අදාල පුද්ගලයා) ත් කවදාවත් නැතුව මොනාදෝ පාඩම් කරනවා.
මම - මොකෝ
බං මේ, කවදාවත් නැතුව මොනාද පාඩම් කරන්නේ???
බඩා - නෑ
බං, පොඩ්ඩක් බලා ගත්තා, supervisor ඉස්සරහ අනාගන්න බෑ නේ.
Group
Leader - එල එල උබ හොඳට බලගනින්.ඌට පාඩම් කරන්න දීල උබ පොඩ්ඩක් මේ presentation
slides ටික හදපං.
මමත් ඉතිං
ඌට බලගන්න දීල slides ටික හදල ඉවර කලා.
ඔන්න දැන්
presentation එක කරන්න පටන් ගත්තා.( හිනාවෙලා
හිටියට මොකද?, කට්ටියගෙම හිතේ පොඩි බයක් තිබුනා.) සුපුරුදු විදියටම බොහොම ලස්සනට කට්ටියම presentation
එක කරගෙන යනවා.(ආසාවේ බෑ) මට
දීල තිබුනේ conclution එක කරන්න, මට කලින් ඉන්නේ බඩා, දැන් බඩා presentation එකේ උගේ ටික explain කරල ඉවරයි,දැන්
මට presentation එක handover කරන්න තමයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් presentation එක hand over කරන්නේ
,
“I
would like to invite my colleague to continue the rest of the presentation”
“Now I
will hand over the presentation to my friend”
ඔන්න ඔය
වගේ එකක් කියලා.
බඩා -
මගේ දිහා බලන ගමන් , “Now
I will hand over the presentation to This.This person, Thank You”
මට එකපාරටම
හිනා යන්න ආවත් , presentation එක මැද්දේ හිනාවෙන්න බැරිනිසා, හිනාව තද කරගෙන presentation
එකේ ඉතුරුටික කරගෙන ගියා.
එළියට ආවට
පස්සේ...
Group
Leader - ඒ... බඩා, මොකද්ද බං උබ අර කියපු This .This person කතාව???
බඩා - අඩෝ
නෑ බං, මම slides වල කියන්න තිබුන ඒව පාඩම් කලාට, hand over කරන විදිය පාඩම් කරන්න
බැරිඋනා නේ බං.මට this කියද්දී එකපාරටම මතක් උනේ ඊයෙ Lab එකේ කරපු Java
Application එකේ This .This කෑල්ල,ඉතිං මම ඒක එහෙම්ම කියල දැම්ම බං.
මූ මෙහෙම
කියනකොට, එතන හිටප හැම එකාම බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා, මොකද ඔය වගේ presentations
වලදී මේ වගේ විදිලි කවුරුත් විදින්නේ නැති නිසා.
බැච් එකේ
හැමෝම වගෙ එදා ඉඳන් බඩාව බයිට් කරන්නේ ඔය කතාව කියලා. ඔන්න මම අදත් උබව බයිට් කොලා... පී
තව මේ වගේ
පොඩි පොඩි පිස්සු ආතල් ගොඩාක් තියෙනවා, හෙමින් සැරේ එක එක කියන්නම්කෝ...
හිහිහි.. ජය වේවා!!
ReplyDeleteහී.. එසේම වේවා...
Deleteඑල එල මගෙ යාළුවෙකුත් ඉන්නවා ඔය වගේම වැඩ කරන එකෙක්
ReplyDeleteජය වේවා !
ඔව් ඔව් සහෝදරයා, අපි හැමෝටම එලටම පිස්සු නටන යාළුවෝ ඉන්නවා. සිතූතියි මේ පැත්තට ආපු එකට. සාදරයෙන් පිළිගන්නවා... :)
Deleteඅපෝ ප්‍රසන්ටේසන් නං මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා...
ReplyDeleteඅම්බෝ....
This comment has been removed by the author.
Deleteසිරාවටම, මුල් කාලෙනම් මටත් හෙන අවුල්, පස්සෙ නම් ශේප්, ඒ උනාට presentation එක නිසා පොඩි බයක් තිබුන.
Deleteහිකිස්..!! එළ පොරක්නේ. :) :)
ReplyDeleteමේ වගේ කියන්නත් තිබුනේ.
This.dispose();
New Matiya().setVisible(true);
(නම ගත්තාට අවුලක් නෑනේ..?)
ලොල්... ඔයින් ගියා ඇති, මූ තව ඒව කිවුව නම් කොහොමට තියේද???
Deleteසාදරයෙන් පිළිගන්නවා ඔබව මේ පැත්තට. :)
නම ගත්තට කිසි අවුලක් නෑ... :D
:D
ReplyDeleteලොල්, කොහොමද? කාලෙකට පස්සේ... :)
Delete@ මාටියා
Deleteකාලෙකට පස්සේ පෝස්ට් එකක් ලිව්වාම අපිත් කාලෙකට පස්සේ කියවන්න ආවා :D
එල එල, ඔව් අප්පා... පහුගිය දවස්වල සෑහෙන්න වැඩ තිබුනා, දැන් තමයි වෙලාවක් සෙට් උනේ... ඔයගෙ බ්ලොග් දෙකටම ෆලෝ පාරක් දැම්මා, දැන් ඒවත් මිස් වෙන්නේ නෑ... :D
Delete@ මාටියා
Deleteස්තුතියි ඔබේ කාරුණික බවට :)
නියමයි නියමයි ආ.................
ReplyDeleteහික්ස් එල එල.
Deleteපවු අප්පා බඩා....
ReplyDeleteහි හී ඔව් ඔව්, ස්තූතියි සහෝදරයා මේ පැත්තට ආපු එකට .සාදරයෙන් පිළිගන්නවා.
Deleteකෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ??
ReplyDeleteලියන්න ඕනෙ සහෝ.. මේ දවස්වල සෑහෙන්න වැඩ... ඉක්මනට ලියන්න හිතාහෙන ඉන්නේ... :)
Delete