මේකත් ඔබලම යන්න...

Saturday, March 9, 2013

ගන්නම් ස්ටයිල් , හාලම් ශේක් සහ ඉන් ඔබ්බට...!!! (Gangnam Style/ Harlem Shake)




ගොඩ කාලෙකට පස්සේ ලියන්නේ, වැඩ වැඩි නිසා ලියන්න වෙලාවක් හම්බුවෙන්නේ බොහොම කලාතුරකින්.නමුත් අත අරින්න බෑ මේ ලියන එක, ඒක නිසා කොහොම හරි ලියනවා.

සංගීත ලෝකෙත් කාලෙන් කාලෙට එක එක විදියේ Styles/ Trends එනවා.

මම දන්න කාලේ Michael Jackson Trend එක තිබුනා. ටික කාලෙයක් යනකොට ඒ  ජනප්‍රියත්වය අඩු වෙලා Rap Music, R n B , Hip Hop වගේ Music උඩට ආවා.

හැමෝටම මතක ඇති, ලංකාවෙත් මීට අවුරුදු 2-3 විතර කලින් එක දවසකට Music Videos 10 විතර එලියට ආපු කාලයක් තිබුනා. ඒ දවස්වල හැම T.V. Channel එකක්ම දවසේ වැඩි වෙලාවක් වෙන් කලේ Music Programs / request Shows වලට. ඒ දවස් වල ලංකාවෙ Music කරපු ගොඩ දෙනෙක් අතර තිබුන මත තමයි,

"Rap එකක් නැත්නම් සිංදුව Hit වෙන්නේ නෑ."

"Hot කෙල්ලො ටිකක් දාල Video එකක් කලෙ නැත්නම් මිනිස්සු සිංදුව බලන්නේ නෑ."

කොහොම නමුත් හතු පිපෙනව වගේ Music කරපු කට්ටියගෙන් 90% විතර හැලිල ගිහින්, ඉන්න අයත් අවුරුද්දකට සිංදු 1-2 වගෙ කරනවා කියල තමයි මට හිතෙන්නේ.

ඒ කතා කලේ ලංකාව ගැන,

International music trend එක ගැන කතා කලොත්, Michael Jackson, 50 cent, Eminem, Hinder , Pit-bull, Neo, Shakira , Beyonce, Britiny, Jenifer Lopez වගේ තනියෙන් සිංදු කියන අයත්,

West life, back street boys, pussy cat dolls,  වගේ Music groups කාලෙන් කාලේට එක එක Trends ලෝකෙට හදුන්වල දුන්නා.

බටහිර ගායන ශිල්පීන් විසින් ඇතිකරගෙන තිබුන ඒ ආදිපත්‍ය බිදින්නට උත්සාහ කලේ ඉන්දියානුවන් විසින්, යම්තාක් දුරට එය සාර්ථක උනත්, එය හොදින් සාර්ථක කරගත්තේ කොරියානු ගායක Psy විසින්. ඒ ගන්නම් ස්ටයිල් ගීතය හරහා. හැමෝම දන්නව ගන්නම් ස්ටයිල් ගීතය You Tube සහ ගිනස් වාර්තා අතරට එක් වෙලා ඉවරයි කියලා. ආසියානුවන් වශයෙන් අපිට ඒක ආඩම්බරයක්.



ගන්නම් ස්ටයිල් වලින් පස්සේ ටිකක් අමුතු විදිහේ Music Videos එලියට එන්න පටන් ගත්තා.

Honey Bunny මේ Video එකත් ටිකක් ඒ වගේ එකක්.




මේවා අතරට එකතු උන අලුත් ම trend එක තමයි හාලම් ශේක්, මේක කවදා කොහෙන් පටන් ගත්තද කියල නම් දන්නේ නෑ.නමුත් හාලම් ශේක් නම් You Tube එකේ නැගල යනවා. දවස ගානේ අලුත් Videos එකතුවෙනවා.


පහලින් තියෙන්නේ ඒ වගේ Videos කීපයක්.




                                          

ඔන්න අපිත් හදුවා හාලම් ශේක් Video එකක් , හොදයිද බලන්න. :D



එදා Michael Jackson ලා ගෙන් පටන් ගත්ත trend එක අද වෙනකොට ගන්නම් ස්ටයිල්, හාලම් ශේක් වෙනකම් ඇවිල්ලා තියෙනවා, ඉස්සරහට තව අළුත් trends ලෝකෙට එකතු වෙයි, අපි බලමු ඒවයේ මොන විදිහේ පිස්සු විකාර තියෙයිද කියලා.


12 comments:

  1. හාර්ලම් ෂේක් එකනං පට්ට සිරා මචං...
    උඹලා හාර්ලම් ෂේක් කියන එක හරියට කරලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පත්තට ආපු එකට, තව හොද හාලම් ශේක් එකක් ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ.

      Delete
  2. රැලි පිට රැලි

    ReplyDelete
    Replies
    1. ඔව් දවස ගානේ අළුත් අළුත් රැලි එකතු වෙනවා...

      Delete
  3. මෙහේ නම් ගායකයෝ බොහෝම හිඟයි. හොටු පෙරාගෙන අඬන, කොල්ලන්ගේ අභිමානයත් නැති කරන පොන්නයෝ වගයක් නම් මොනවද කියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ අදහසට මමත් එකගයි, කිසිම හරයක් නෑ...

      Delete
  4. හාලම් ෂේක් එක පිස්සන් කොටුවට ගියත් බැලුවහැකි :)

    ReplyDelete
  5. හාලම් ෂේක් එක ගැන දැන්නේ දන්නේ :D

    ReplyDelete
    Replies
    1. මමත් ලගදී දැන ගත්තේ... :D

      Delete

  6. අපිට මොකක් හරි කමක් නැහැ රැල්ලක්
    පමණයි ඕනේ...:P

    ReplyDelete